Xiao Zhan's POV
මම උදේ නැගිටිද්දි මගේ ඇගට දැනුනේ පුදුම අමාරුවක්. මට හෙලවෙන්නවත් බැරි උනා.මගේ පිටුපස තාමත් පිච්චෙනවා වගේ වේදනයි.මගේ මුලු සිරුරම දැඩි ලෙස වේදනා දුන්නා.මගේ කකුල් වගේම කලවා නෑ වගේ.මම වේදනාවෙන් කෙදිරි ගාමින් සෑහෙන ගේමක් දීලා ඇදේ වාඩි උනා.
යීබො හිටියේ ඇද ලග තිබුනු පුටුවක වාඩිවෙලා මන් දිහා බලාගෙන.මම දැක්කා එයාගේ අතේ සුදු පාට කූරක් වගේ මොකක් හරි තියෙනවා.ඒක ටිකක් දැකලා පුරුදුයි වගේ.එයා මන් දිහාවට දැඩි බැල්මක් හෙලලා එයාගේ අතේ තියෙන pregnancy test kit එක මට පෙන්නුවා.
මට එක්වරම දැනුනේ නොසෑහෙන බියක්."මොකක්ද මේ?"
එයා ඇහුවා.එයා මට තරහින් රැව්වා.මට කතා කරගන්න වචන ආවේ නෑ.මාව යීබොගේ අතටම අහූ උනා.මම කරේ එයාගේ අතේ තිබුනු test kit එක දිහා බලන් හිටපු එක.
"Xiao Zhan දැන්වත් මේ පිස්සුව නවත්තනවද? මම ඔයාට කී වතාවක් කියන්න ඕනේද?"
"ඒ උනාට මම pregnant යීබො!"
මම කෑ ගැහුවා."මොන ජාතියේ විහිලුවක්ද මේ Xabu? ඔයා පිරිමි කෙනෙක්.පිරිමි අය pregnant වෙන් නෑ."
යීබො එයාගේ ඇගිලි වලින් nose bridge එක පිරිමදින්න ගත්තා."මම මානසික වෛද්‍යවරයෙක්ට appointment එකක දානවා.I'm sorry Xabu."
"මට පිස්සු නෑ.මාව ජැක්සන් ලගට අරන් යන්න.මාව එයා ලගට එක්කන් යන්න බෝ!"
මම බෙරිහන් දුන්නා."Xabu මේ අහන්න."
යීබොගේ තිබුනු දැඩි බැල්ම මෘදු වෙන්න පටන් ගත්තා.එයා හැගීම් පාලනය කර ගන්න උත්සහ කරන විදිය මන් දැක්කා.හැබැයි එයාගේ ඇස් වල තිබුනේ දැඩි අනුකම්පාවක්."මම කවදාවත් ඔය මගුලට ඔයාව ගෙනියන් නෑ කියලා තීරණය කරලා ඉවරයි.මගේ අක්කා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක්.මම ඔයාව එයා ලගට එක්කන් ගිහින් ඔයාට පැහැදිලි කරන්නම් හරිද?"
"යීබො ප්ලීස්.මන් කියන දේ අහන්න.මම බොරු නෙවෙයි කියන්නේ.ඒක ඇත්ත.ඔයාට පේන් නැද්ද? test kit එකේ double lines පෙන්නනවා? මම pregnant.මේ
ඉන්නේ ඔයාගේ දරුවා."
බලපොරොත්තු සුන් වීම නිසා මම ඇඩුවා."come on babe.දැන් ඕක නවත්තන්න හරිද?"
යීබො මාව වැලදගෙන ඇද එහා පැත්තෙ මේසේ උඩ තිබුන phone එක අතට ගත්තා.එයා එයාගේ අක්කට කතා කරලා appointment එකක් දාගත්තා.එයා මට මගේ කාමරේට එන්න උදව් කරා.අපි දෙන්නම එකට නෑවා.එයා දන්නවා මට හරියට ඇවිද ගන්න තියා හිටගන්නවත් බෑ කියලා.එයා මගේ කලවා වල තියෙන තැලුම් පාරවල් දැකලා දිගින් දිගටම සමාව ඉල්ලුවා.මගේ ඉන වගේම උකුල ප්‍රදේශයෙත් ඔහුගේ ඇගිලි පහරවල් වැදී දම් පැහැති තැලීම් සලකුනු තිබ්බා.එයාට තේරුන් නෑ ඊයේ රෑ එයාගේ ග්‍රහනය කොච්චර තදද කියලා.එයා මට painkillers දුන්නට මම ඒක ප්‍රතික්ෂේප කරා.මම කිව්වා painkillers බබාට හොද නෑ කියලා.එයා සුසුම් හෙලුවා.එයා තාමත් හිතන්නේ මට පිස්සු කියලා.
YOU ARE READING
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Fanfiction"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්‍රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...