Xiao Zhan's POV
යීබොගේ කාර් එක සම්පූර්ණ නිහඩතාවයකින් වෙලා ගත්තා.මම දන් නෑ එයා දැන් මොනවද හිතන්නේ කියලා. මොනවා උනත් මන් බලන් හිටියේ යීබො මට එයාගේ ගෙදරින් දොට්ට බහින්න කියලා කියනකන්.මට ඇත්තටම දැනුනා මන් එයාට කරේ ලොකු වංචාවක් කියලා.මම එයාට කිව්වේ නෑ මට pregnant වෙන්න පුලුවන් කියලා.මම එයාට කිව්වේ නෑ අපි කොන්ඩම්ස් use කරමු කියලා.මම එයාව පරාජයට පත් කරා.එයාට වංචා කරා.මම තමයි මේ අවුලට මුල.මම ඒක හොදටම දන්නවා.මට pure breed human කෙනෙක්ට ආදරේ නොකර ඉන්න තිබුනා.මට එයත් එක්ක mate නොවී ඉන්න තිබුනා.
මම සිතුවිලි අතර අතරමං වෙලා ඉද්දි කාර් එකේ දොර වැහෙන සද්දේ ඇහුනා.මම driving seat එක දිහා බැලුවම ඒක හිස්.යීබො දැනටමත් ගේ ඇතුලට ගිහින්.එයා කවදාවත් කාර් එකෙන් බැස්සට පස්සේ මට බහින්න මගේ පැත්තේ දොර අරින එක අමතක කරේ නෑ.ඒ උනාට එයා ඒක අද අමතක කරලා මේක ඇතුලේ මාව තනියම දාලා ගියා.
මට ඇතුලට යන්න උවමනාවක් තිබුන් නෑ.මට ඕනේ උනා චෙන්ට කෝල් කරලා මම එයාගෙ ගෙදර එනවා කියලා කියන්න.ඒ උනාට මම දන්නවා මම යීබොට මේ හැමදේම ගැන පැහැදිලි කිරීමක් කරන එක කල යුතු දෙයක් කියලා.එයා අහන්න අකමැති උනත් මන් එයාට හැමදේම කියන්න ඕනේ.
මම එයාගේ කාමරේ දොරට ගැහුවා.හැබැයි මේ පාර මගේ සාක්කුවේ pregnancy test kit එකක් තියන් නෙවෙයි.යීබොත් දොර ඇරියා.හැබැයි උඩුකය නිරුවත්ව ටවල් එකක් විතරක් පටලගෙන නෙවෙයි.යීබො තත්පරේකට මන් දිහා බලලා මට පිටුපාලා අනිත් පැත්ත හැරුනා.මගේ කකුල් කාමරේට අඩිය තියා ගන්නවත් බැරි තරම් බරයි වගේ දැනුනා මම එයාගේ කාමරේට ඇතුල් වෙද්දී.එයා ඇදේ වාඩි උනේ දණිසට වැලමිට බර කරන් ඒ අතටම මූන බර කරගෙන.ඊයේ මුලු රෑම එයා කෑගැහුවේ මාව අයිති එයාට විතරයි කියලා.ඒ උනාට දැන් එයා හිටියේ එයාට මාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ වගේ.
මම තව අඩියක්වත් කාමරේ ඇතුලට තිබ්බේ නෑ.මම දොර ලග නැවතුනා.මම දන්නවා එයා මාව එයාගේ කාමරේ ඇතුලට පිලිගන් නෑ කියලා.
أنت تقرأ
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
أدب الهواة"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...