Yibo's POV
ඒ මනුස්සයා දණිස් දෙක අතරේ මූණ ඔබාගෙන මූන හංග ගත්තා.මන් අවංකවම දන් නෑ මේ කෙනා ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලවත්.එයාට උඩු රැවුලක්වත් යටි රැවුලක්වත් තිබුන් නෑ.හැබැයි built එක නම් පිරිමි කෙනෙක්ගේ වගේ.එයාට ලා දුඹුරු පැහැති දිගු කොණ්ඩයක් තිබුනේ මෙතරම් කාලයක් මේ ගුහාව තුල තිබුනු කුණු,දූවිලි,ජරාව ගෑවිලා වෙන්න ඇති.මට කියන්න පුලුවන් එයා සෑහෙන කාලයක් මේ ගුහාව ඇතුලේ ඉදලා තියෙනවා කියලා මොකද එයාගේ ඇදුම් ඉරී ගොස් ඉතාම අපිරිසිදු වෙලා තිබුනා.ඒ වගේම එයා ලගින් ආවේ නහය කඩාගෙන යන දුගදක්.
මට කෙල ගිලුනේ මොහු වටා මැරිච්ච කුරුල්ලෝ,වවුල්ලු සහ මුවෝ වගේ සත්තු ඉන්නවා දැකලා.ඒ දුගද ආවේ එයා ලගින් විතරක් නෙවෙයි එයාගේ වටේ තියෙන සත්තුන්ගේ කුණු වුනු මල සිරුරු වලින්. එයින් එකක් තාමත් අලුත්. ඒ කියන්නේ ඒ සතාව මරලා වැඩි කාලයක් නෑ.මට තේරුණා මේ තියෙන්නෙ එයාගෙ කෑම කියලා.එයා එයාව පෝෂණය කරගෙන තියෙන්නෙ මේ සත්තුන්ගෙන්.මේ කුණුවෙච්ච සතුන් ව දැක්කට පස්සෙ,ඒ ගඳ ආවට පස්සෙ ශුආන් මගෙ පිටිපස්සෙ ඉඳන් වමනේ කරනවා මට ඇහුණා.සමහර විට ඒ මේ මනුස්සයා මේ සත්තු අමුවෙන් කනවා කියලා තේරුණ නිසා වෙන්න ඇති.
"අපි යමු ගගා.මට නම් තවත් මෙතන ඉන්න බැහැ.ඉක්මන් කරන්න."
ශුආන් මගේ backpack එකෙන් මාව අදිද්දී මම දැඟලුවේ ඔහුට නවතින්න කියන්න.මම හිමින් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.මං එනවා දැක්කේ ඒ මනුස්සයා තව තවත් ගල් අතරට තෙරපී සැඟවෙන්න උත්සාහ කරා.එයා බය වෙලා ඉන්නේ.
"මම ඔයාට කරදරයක් කරන් නෑ.මම ඩොක්ටර් කෙනෙක්."
මම කිව්වේ එයා හැංගිලා ඉන්න ගල් අතරට ලංවෙන ගමන්."ගගා ප්ලීස්..අපි ඒ දේ තියලා මෙතනින් යමු.සමහරවිට මෙයා වෙන්න ඇති අර ඇටසැකිල්ලේ අයිතිකාරයව මැරුවේ."
ඒ වුනාට මම ශුආන් කියන දේ ඇහුවේ නෑ.මගේ නෝමල් self එකට ඕනේ උනේ මේ මනුස්සයව දාලා මෙතනින් ඉක්මනට එලියට යන්න උනාට මගේ doctor instincts එකට ඕනේ උනේ මෙයාට උදව් කරන්න.
"ම..මම.. මරන්.. නෑ."
අපිට ඇහුනා මෘදු,සිහින් කටහඩක් එහෙම කියනවා.ඒකෙන් මන් තහවුරු කර ගත්තා මගේ ඉස්සරහා බිම ගල් අතරේ වාඩිවෙලා ඉන්නේ පිරිමි කෙනෙක් කියලා.
YOU ARE READING
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Fanfiction"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...