Xiao Zhan's POV
"මගේ ඇස් වල පාට මාරු වෙන්නේ මම heat වෙලා ඉද්දි."
මම කිව්වා."Heat එකේ ඉද්දි? මොකක්ද heat වෙනවා කියන්නේ? සොරි මන් ඒ ගැන කලින් අහලා නෑ."
මගේ සිතුවිලි එකතු කර ගන්න මට ටිකක් වෙලා ගියා.මම emotionally රෙඩි වෙන්න ඕනේ.මොකද මම දන්නවා යීබො මම කියන ඒවා කොහොමටත් විශ්වාස කරන් නෑ කියලා.
මම ආපහු කතා කරන්න ගන්න කලින් Mr.Xin අතේ ට්‍රේ එකක් තියන් ඇවිත් මටයි යීබොටයි කෝපි පිලිගැන්නුවා.එයා ආපහු කිචන් එකට යන්න කලින් අපි හිටපු ටේබල් එක මැදින් condiments තිබ්බා.
"ඉතින්? ඔයා ඩොක්ටර් කෙනෙක් ලගට ගියාද ඔය ලෙඩේ හොයා ගන්න? මමත් ඩොක්ටර් කෙනෙක් තමයි.හැබැයි මම ඇස් සම්බන්ධ විශේෂඥයෙක් නෙවෙයි."
යීබො ආපහු කිව්වා."ඒක මගේ සිරුර තුල වෙන ස්වාභාවික ක්‍රියාවලියක්.මම මාසෙකට සැරයක් හීට් වෙනවා.ඒක දවසත් සතියත් අතර කාලයක් පවතින්න පුලුවන්.ඊයේ දවසේ ඒක පැය කිහිපයකින් නැති උනේ මට උදව්වක් හම්බුන නිසා.එහෙමත් නැත්තන් වෙන විදියකට කියනවා නම් මම සෑහීමට පත් වුන නිසා.ඔයාට ඒ වචනේ නිකන් heat එක කියලා හිතන්න පුලුවන්.ඒකට කමක් නෑ.ඇත්තටම කියනවා නම් ඒ වෙලාවට මට වේදනාකාරී ලිංගික එක්වීමක් නොලැබුනොත් මට ඒ වේදනාව දරා ගන්න බැරුව විලාප තියන්න වෙනවා."
මම ඔහුට විස්තර කරා.මම යීබොගේ ඇස් දිහා කෙලින් බැලුවා.මම දන්නවා මේ වෙලාවේ එයාගේ ඔලුව ඇතුලේ මොනවද කැරකෙන්නේ කියලා.මම දන්නවා එයා හිතනවා කියලා මම stress එක නිසා ඇති උන මානසික රෝගයකින් පෙලෙනවා කියලා.
එයා කොහොම හිතුවත් මට ඒ ගැන කිසිම අවුලක් නෑ.මොකද මම දන්නවා අපි දෙන්නා ලෝක දෙකක දෙන්නෙක් කියලා.මම එයාගේ වර්ගය ගැන දන්නවා.ඒත් එයා මගේ වර්ගය ගැන දන් නෑ."පිරිමි කට්ටියට කාලයකට සැරයක් ලිංගික අවශ්‍යතා ඇති වෙන එක සාමාන්‍ය දෙයක්නේ.ඒත් වේදනාවෙන් විලාප දෙනවා? ඒක මට අලුත් දෙයක්.මම හිතන්නේ ඔයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියොත් හොදයි කියලා."
මට එයාට මන් ගැන කියන්න කොච්චර ඕනේ උනත් මම ඒකට පසුබට උනේ මම ඒ ගැන කිව්වොත් ඊට පස්සේ මට mental hospital එකේ නතර වෙන්න වෙයි කියලා බය හිතුන හින්දා.
YOU ARE READING
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Fanfiction"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්‍රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...