chapter.10

989 170 5
                                    

















චටාස්💥💥💥💥💥

හොබීට කිසි දෙයක් හිතා ගන්නවත් බැරි උනා. සූබින් එයාට කම්මුලට එකක් ගහලා එතන තිබ්බ bench එකකින් ගිහින් ඉදගෙන අඩන්න ගත්තා.හොබී හිමීට ඇවිදගෙන ගිහින් සූබින් ගාවින් ඉද්ගත්තා.සූබින් ඒ විදියට ඉදගෙන විනාඩි ගානක් ඇඩුවා අන්තිමේට එයා ආයෙ නැගිටලා ගිහින් එතන තිබ්බ වැට ගාවින් හිටගෙන පාරෙ යන වාහන වලට අවදානය දුන්නා. හොබිත් ගිහින් එතනින් හිටගත්තා.

"අ අහන්න සූබින් මං දැනන් හිටියනම් මම ඔයාට ආදරේ කරපු එකෙන් ඔයාට ඔච්චර රිදෙනවා කියලා මම මැරුනත් ඒක ඔයාට කියන්නෙ නෑ. මොකද මට බෑ ඔයාට වචනෙකින්වත් රිද්දන්න."

"හ්ම්ම්ම්..... තමුන් දෙයක් දන්නවද හෝසොක්.?"

"මට දැන් හොබී කියලවත් කතා කරන්න බැරිද මැනික? මගෙ ආදරේට ඔයා එච්චරටම් වෛර කරනවද? ඇයි මට ඔහොම කරන්නෙ ඇයි???"

හොබී එහෙම හිතද්දි එයාගෙ ඇස් වලින් කදුලු බින්දු එක දෙක වැටෙන්න ගත්තා. සූබින් තාමත් පාර දිහා බලාගෙන හැබැයි එයාගෙ මූනෙ සන්සුන් බවක් තිබ්බා.එයා ආයෙ කතා කරන්න පටන් ගත්තා.

" තමුසෙයි තමුසෙගෙ අර මහලොකු යාලුවො දෙන්නයි මට කරදර කරපු දවසෙ මට මගෙ දුක කියන්න කෙනෙක් හිටියෙ නෑ. තමුසෙ වගේම මමත් සතියක් යුනි ආවෙ නෑ. ඒත් ඒ සතිය මගෙ ජීවිතෙ වෙනම පැත්තකට හැරෙව්වා. මං පෝසත් පවුලක් ලමයෙක් නෙවෙයි මම හිටියෙ මගෙ හැල්මොනී එක්ක මගෙ ඔම්මයි හැල්මොනී තමයි මාව හදාගත්තෙ මොකද මගෙ අප්පා ඔම්මට මාව ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ දාලා ගිහිල්ලා. ඒත් මට වයස අවුරුදු දොලහෙදි මගෙ ඔම්මට කැන්සර් එකක් හැදිලා එයා නැති උනා. අන්තිමේට හැල්මොනී මාව අරන් බූසාන් ආවා එයා මාව schl එකකට දාන්න ඕනෙ හින්දා එයාගෙ වයස ගැන නොහිතා ගෙවල් වල වැඩ කරා. අපි හිටියෙ කුලියට අපි ඒ හිටිය ගෙදරට එහා පැත්තෙ තමයි ජින් හියුන්ලා හිටියෙ එයාලා හරි හොදයි... මම එයාලගෙ ගෙදර ගියා හැමදාම වගේ සෙල්ලම් කරන්න. ඒ විදියට අපි උපරිම අවුරුදු දෙකක් ඉන්න ඇති ඊට පස්සෙ jeon අංකල් ට සෝල් එන්න උනා ඉතින් එයාලා ගියා. මම ආයෙම හැල්මොනී එක්ක තනි උනා. ඒ අවුරුදු ගානම මම ගොඩක් දුක් වින්දා. අන්තිමේට මට යුනි යන්න අවස්තාවක් ලැබුනා ඒක නිසා මම සෝල් වලට ආවා හැබැයි මට අවුරුද්දක් මගහැරුනා. ඉතින් එදා මම යුනි ආව පලවෙනි දව්සෙ තමුන්ලා මට කරදර කරා. ඒත් ඔයාලා මාව දකින්න කලින්ම මම ඔයාලව දැක්කා මම හිතුවා ඔයාලා හොද අය කියලා මට ඕනෙ උනේ library එක කොහෙද කියලා අහන්න විතරයි ඔහේලා එකතුවෙලා මට කරදර කරා ඒ විතරක්වැයි මට කොයි තරම් දේවල් කියුවද???"

Life is you.💜️💚Where stories live. Discover now