chapter.27

690 140 3
                                    


කුකී ටේගෙ ඔලුව අතගාන ගමන් ටේගෙන් ඇහැවත් ටේ කරේ අඩපු එක විතරයි.

"මට කියන්න හියුන් ඇයි අඩන්නෙ? යුගී හියුන් ඔයාව බලන්න ආවෙ නැද්ද?"

ඉකි ගගහම ටේ කුකීට කතා කරන්න ගත්තා.

" ඔයාට මම මේ කියන දේ අහලා ඔයා දුක් වෙන්නවත් පසුතැවෙන්නවත් එපා හරිද කුකී.."

ජුන්කුක් ඔලුව වැනුවෙ හා කියන්න වගේ. ජුන්කුක්ගෙ කම්මුලකට චූට් කිස් එකක් දුන්න ටේ කතා කරන්න පටන් ගත්තා.

"මම යුගී එක්ක තරහා වෙලා හිටියෙ ඇයි කියලා ඔයා දන්නවා ඇතිනෙ කුකී.?"

ජුන්කුක් ආයෙම ඔලුව වැනුවෙ ඔව් කියන්න.

"හ්ම්ම්ම් මම මේ විදියට ඔයා ඉස්සරහා ජීවත් වෙලා ඉන්නෙ යුගීට පින්සිද්ද වෙන්න."

"ඒ.. කියන්නෙ?"

"හ්ම්ම් මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබ්බෙ තව මාස දෙකක විතර කාලයක් කුකී මොකද ... මගෙ heart එකේ cancer එකක් තිබ්බා. මම ඒ ගැන දැන ගත්තෙ ලගදි එතකොටත් ඒක ගොඩක් වර්ඩනය වෙලා තිබ්බෙ මම මේ ගැන කියුවෙ ජිමින්ට විතරයි.. මට ඔයාලා මේ ගැන දැනගන්නවට කැමති උනේ නැත්තෙ ඔයාලා මේක ගැන දැන ගත්තොත් දුක් වෙන බව දන්න නිසා.. මට ඕනෙ උනේ ජීවත් වෙන්න තිබ්බ ටික කාලෙ ඔයාලා එක්ක සතුටින් ඉන්න.. ඒත් නොහිතපු විදියට අපි accident උනේ.. මට සමාවෙන්න කුකී ඔයා කියපු වෙලේ මම හිමීට drive කලානම් අද අපි හැමෝම සතුටින්.. එහෙනම් අද එයත් ජීවතුන් අතර..."

ටේ ඒ ටික කියලා ආයෙම අඩන්න ගත්තා. කුකීත් මේවෙලාවෙ හිටියෙ අඩන ගමන්. ටේ කියන්නෙ කවුරු ගැනද කියලා කුකී දැනගෙන හිටියෙ නැති උනත් ටෙගෙ පිලිකාව ගැන අහලා කුකී අඩන්න ගත්තා.

"ක... කවුද හියු.. න් ජීවතු..න් අත.. ර ඉන්නෙ..?"

"යු...ගී..."

ටේ බිදුනු කටහඩකින් එහෙම කියද්දි කුකීගෙ ඇස් දෙකේ ආයෙම කදුලු පිරෙන්න ගතවුනේ තත්පර කීපයක් විතරයි..

"ඇයි ඇයි යුගි හියුන්ට මොකද වුනේ ??? මට කියන්න හියුන් මට කියන්න..."

කුකී ඇදෙන් බැහැලා ටේගෙ උරහිසෙන් අල්ලගෙන කෑ ගැහැවෙ එයා මේ වෙලාවෙ මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවිච්ච නිසා.

Life is you.💜️💚Where stories live. Discover now