ටේ එහෙම් කියලා කාමරෙන් එලියට යන්න හද්දිම. ජිමින් හිටපු තැනින් නැගිටලා ටේ ගාවට ආවා.
(ඔය ගොලු යක්ස පැටවුන්ගෙන් අහලා වැඩක් නෑ. ඒක හින්දා මමම කෑල්ලක් හිතලා දැම්මා.)
"ටේ ඇයි එලියට යන්නෙ මේක නෙවේද ඔයාගෙ කාමරේ?"
ජිමින් එහෙම ඇහැවාම ටේගෙ ඇස් දෙක ලොකු උනේ වැරැද්දක් කරලා අහුවෙච්ච පොඩි බබෙකුගෙ වගේ.
"මොකද ඔහොම බලන්නෙ කියනවා ඉතින්."
"මේ මේකනේ ජිමිනෝ....... මේ ඊයෙ රෑ කරන්ට් ගියා මට තනියම ඉන්න බය හිතුන හින්දා මම කුකීගෙ කාමරේට ආවා."
ටේ ඉතින් ලොකූ බොරුවක් කියුවා.
"හ්ම්ම්ම් ඕනෙ එකක් මං යනවා තව ටිකක් නිදා ගන්න."
"හා හා ජිමින් ඔයා යන්න මටත් අද යුනි යන්න බෑ හවස් වෙලා ඔෆිස් එක පැත්තෙ ගිහින් එන්නත් යන්න ඕනෙ."
"හා හවසට යනවනම් මාත් එන්නම්. මටත් පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා."
ජිමින් එහෙම කියලා එතනින් යන්න ගියා.ටේ ඉක්ම්නට කාමරෙන් එලියට ඇවිත් එයාගෙ කාමරේට් ගිහින් වොශ් දාගෙන් පහලට ආවා.
"ආ නැගිට්ටද පොඩි මහත්තයා. පොඩි මහත්තයටත් මිලක්ශේක් එකක් ඕනෙද?"
"Good morning අජුම්මා. කෝ තාම ජින් හියුන්ලා නැගිට්ටෙ නැද්ද?"
"නෑ තාම ඊයෙ එද්දි ටිකක් වෙලා ගියා."
"ආ..... අජුම්මා එහෙනම් මටත් strawberry milkshake එකක් හදලා දෙන්නකො. මේ......... කුකීව දැක්කෙ නැද්ද අජුම්මා?"
ටේ ඒක කටේ හිර කරගෙන ඉන්න බැරි කමට අජුම්මගෙන් ඇහැවා.
"ආ පොඩි බේබි garden එකට ගියා මං හිතන්නෙ"
අජුම්මා එහෙම කියලා kitchen එකට ගියා.ටේත් හිමීට හිමීට garden එකට ඇවිදගෙන ගියා. ටේ යද්දි කුකී අත් දෙකත් බැදෙගෙන ලොකු කල්පනාවක.ටේ හිමීට ගිහින් කුකීගෙ එහා පැත්තෙන් හිටගෙන කුකීට කතා කරා.
"අහ්ම් good morning කුකී."
ටේගෙ කටහඩ ඇහුන වෙලාවෙ කුකී ටිකක් ගැස්සුනත් එයා මොකුත් නොකියම ආයෙ ඉස්සරහා බලාගෙන කල්පනාවට වැටුනා.
YOU ARE READING
Life is you.💜️💚
Fanfictionහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?