ඒක කිය්වලා ඉවරවෙද්දි ජිමින්ගෙ ඇස් වලින් කදුලු බිංදු එක දෙක වැටෙන්න ගත්තා.ඉක්මනට අතේ තිබ්බ ලියුමත් අරගෙන ජිමින් පහලට දිව්වෙ එයාලා තාමත් පරක්කු නැති බව දැනගෙන.
............................................................."ජින් හියුන්..... අනේ මේ බලන්න"
"මොකද වුනේ ජිමින්? කෝ කුකී? එයාට මොකක්හරි කරදරයක්ද?"
ජින් ජිමින්ගෙන් එහෙම අහ්ද්දි එයා අතේ තිබ්බ කොල කෑල්ල ජින් දිහාට දික් කරලා ගිහින් සුගාගෙ පපුව අස්සෙ මූන හංගගෙන අඩන්න ගත්තා.
ජින් හැමෝටම ඇහෙන විදියට කුකීගෙ ලියුම කියවන්න ගත්තා.
ඔයාලට මෙ ලියුම ලැබෙද්දි මම ඔයාලා ගාව නැති වෙයි. බය වෙන්න එපා මම මගේ ජීවිතේ නැති කරගන්නෙ නෑ. මොකද එයාගෙ හිතේ මම නැතිවුනාට මගේ හිතේ තාමත් සෙයා ඉන්නවා. ඔයාලා හැමෝම දන්නවා මම ක්ලින් ඉදන්ම නොමැරී ඉන්න හේතුව ටේ හියුන් කියලා. ඒත් දැන් එයාට ආදරේ කරන්න්න වෙන කෙනෙක් ලැබිලා. එයාලා දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා ඒක මම මගෙ ඇස් දෙකටම දැක්කා. ඒක් නිසා මම සතුටින් මොකද එයාගෙ සතුට මගෙත් සතුට.please හියුන් ඔයාලා කවුරුත්ම මාව හොයන්න එන්න එපා. මම යන තැන මම හොදින් ඉන්නවා. අනික මම පොරොන්දු වෙන්නම් මම ජීවිතේ නැති කරගන්නෙ නෑ එවගේම මම හැමදාම බැරි වුනත් පුලුවන් වෙලාවට ඔයාලට කෝල කරන්නම්.මම යන තැන මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. ඉතින්... මම ඔයාලගෙන් ඉල්ලන්නෙ එක දෙයයි ටේට කිසිම කරදරයක් වෙන්නෙ නැති වෙන්න එයාව බලාගන්න. ඔයාලටත් පරිස්සමින් ඉන්න..
මීට කුකී..
ලියුම කියවලා ඉවර වෙච්ව ගමන්ම ජින් කතා කරන්න ගත්තා.
"මෙච්චර ලොකු තනි තීරනයක් ගන්න තරම් එයා හරි ලොකු මිනිහෙක්ද? කොහොමද එයා මේ වගේ දෙයක් අපිට කරන්නෙ කොහොමද???"
ජිනුත් එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා අඩන්න ගත්තා.සූබින් ජින් ලගට ඇවිත් ජින්ව සනසන්න හදව්වත් ජින් කරේ දිගටම අඩපු එක විතරයි.
..................................................................
Jk pov...
YOU ARE READING
Life is you.💜️💚
Fanfictionහහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි නේද් කරන්නෙ ජුන්කුක්?