chapter.26

665 137 10
                                    

"මේ... මේ බෑග් එක කුකීගෙනෙ doctor එයා ආසයි මේ බෑග් එකට..."

ටේ බෑග් එක අතට අරන් ඒක පෙන්නන ගමන් doctorට කියුවා.

"හ්ම්ම් හරි ඔයා ඕක බලන්නකො මම යනවා."

Doctor එහෙම කියලා යන්න ගියා.ටේ වෙව්ලන අත් වලින් බෑග් එක ඇරලා ඒක් ඇතුලෙ තිබ්බ බඩු ර්කින් එක එලියට ගත්තා.

අන්තිමේට ටේ ඒක ඇතුල්‍ර් තිබ්බ ලියුම අරන් කියවන්න ගත්තා.

Dear tae.....

මං දන්නවා ඔයා මේ ලියුම කියවනකන්ම ඔයාට heart එක donate කලේ කවුද කියලා දැනගන්න් එකක් නෑ. මම යුග්යොම්.. ඔව් ඔයාග්‍ර් හොදම යාලුවා යුග්යොම් ඔයාට තනියෙන් ආදරේ කරපු ඔයාගෙන් ආදරේ ලබාගන්න බැරිවෙච්ච් යුග්යොම්. එදා ඒ කෙල්ලට ඔයා කැමති කියලා මාත් එක්ක කියද්දි මම මගේ හිතේ තිබ්බ දුක හංගගෙන් හිනා වෙලා ඔයාට උදව් කලා ඔයාගෙ ආදරෙ ලබාගන්න.ඒත් අන්තිමේට ඒකෙන් උනේ කොහෙවත් යන ආදරයක් හින්ද ඔයා මගෙ යාලුකමෙනුත් ඈත් වෙච්ච එක... මං හිතුවා දවසක ඔයාට මේ දේවල් මගෙ කටෙන්ම කියන්න... ඒත් මට බැරි උනා. ඔයා මේ ලියුම කියවද්දි මම ඔයා ලග නැතිවෙයි. ඒත් මම ඔයාට මගෙ heart එක දෙන්නෙ ගොඩක් සතුටින් වගේම කැමැත්තෙන් මොකද මට මේ විදියට හරි ඔයා ගාව ඉන්න ලැබෙන එක් ලොකු දෙයක්...

දන්නවද මම කැනඩා ගිහින් ආයෙම කොරියාවට ආවෙ ඔයාට ම්ගෙ හිතේ තියන ආදරේ කියන්න හිතාගෙන.
මම එදා ඔයාව mall එකේදි දැකලා ඔයාව follow කරා. ඒත් ඔයා එදා හිටියෙ කුකී එක්ක ඔයා එයාව cafe දාලා ගිය වෙලාවෙ මම එයා එක්ක කතා කර කර ඉද්දි තමයි ඔයා ඇවිත් මට බැනලා කුකීව එක්කන් ගියෙ. ඔයා ගොඩක් ලස්සන වෙලා ටේ ගොඩාරියක්. මම ඉස්සර හිතුවෙ දෙවියො ඔයාව මේ ලෝකෙට වැරදිලා එවලා කියලා මොකද ඔයා angel කෙනෙක් වගේ.

මම හැමදාම වගේ ඔයාව follow කලා ටේ මම එතකොට තමයි දැනගත්තෙ ඔයා කුකීට ආදරේ කරන බව.
මං ජීවත් වෙලා හිටියත් මට කියලා කෙනෙක් නෑ ටේ..
මම ඔයා ලග ගොඩක් සතුටින් ඉන්නෙ. ඔයයි කුකී සතුටින් ඉන්න ඔනෙ ඒක තමයි මගෙ එකම ප්‍රාර්තනාව.අන්තිමේටත් මම ඔයාට ගොඩක් ආදරෙයි ටේ...

Be happy ....

ලියුම කියවලා ඉවර වෙද්දි ටේ කෑ ගහලා අඩන්න ගත්තා. පපුව අල්ලගෙන කෑ ගහලා අඩන්න ගත්තා.

"ඇයි යුගී මට මෙහෙම කලේ ඇයි? මට ඔයා ගැන තිබ්බෙ යාලුවෙක් විදියෙ ආදරයක්...අද ඔයාගෙ ආදරේ ගැන දැනගෙනත් මට ඔයට ආදරෙ කරන්න බෑ.. යාලුවෙක් විදියටවත් ඔයාට ඒ ආදරෙ දෙන්න අද ඔයා මගෙ ලග නෑ... අනේ මියානේ යුගී මියානේ... මට ඔයාව තේරුම් ගන්න බැරි වුන එකට මට සමාවදෙන්න යුගී අනේ මේ පවුකාරයට සමාවදෙන්න...."

හොබිත් ටේට මොකුත් කියන්න නොගියෙ ටේට මේවෙලාවෙ මොකුත්ම තේරුම් ගන්න බැරි බව දන්න නිසා. විනාඩියක් දෙකක් නෑ පැය ගානක් ටේ එක දිගට යුගී ලියපු ලියුම පපුවට තුරුල් කරගෙන ඇඩුවා.

"ටේ හියුන්..."


යුගීගෙ ලියුම දිහා හිස් බැල්මකින් බලාගෙන හිටපු ටේ පියවි සිහියට ආවෙ

ුන්කුක්ගෙ කටහඩින්.

"කුකී... ඔයා හොදින්ද මැනික?"

"ඔව් හියුන් මම හොදින් හියුන් හොදින්ද?"

"ඔව් කුකී බබා මම හොදින්. එන්නකො හියුන් ගාවට.."

ටේ එහෙම කියන ගමන් ඇදට තට්ටුවක් දැම්මා. කුකී හිමීට ටේ ගාවට ඇවිදගෙන ගිහින් අදෙන් ඉදගත්තා.හොබී ජින් එක්ක එලියට ගියෙ මේ වෙලාවෙ ටේට ජුන්කුක් එක්ක ගොඩක් දෙවල් කතා කරන්න තියනවා කියලා දන්න හින්දමයි.

"හියුන් අර යුගී හියුන් ආවනෙ මාව බලන්න. එයා හරි හොදයි මට fruit bascket එකකුත් දුන්නා."

කිසිම දෙයක් නොදන්න කුකී හිනා වෙන ගමන් ටේට කියුවා ඒක ඇහිච්ච ටේ කුකීගෙ පපුවට තුරුල් වෙලා අඩන්න ගත්තා.

"අනේ.... ඇයි හියුන් අඩන්නෙ? මම වැරදි දෙයක් කියුවද?"

කුකී ටේගෙ ඔලුව අතගාන ගමන් ටේගෙන් ඇහැවත් ටේ කරේ අඩපු එක විතරයි....



__________________________________

ChamodiGayanthika ඔන්න අක්කි ඉල්ලපු නිසාම එකක් දුන්නා. හැබැයි ඉතින් කොටයි...

See you soon 🌿

Life is you.💜️💚Where stories live. Discover now