chapter 6 💑

2K 257 6
                                    

💌....විනාඩියක්  ඇතුලත එලියට ආවේ නැත්නම් බබා,මම තමුසෙගේ රූම් එකට එන්නෙ ජනේලෙත් ගලවගෙන....

දෙයියනේ ඒ දැකපු මැසේජ් එකට එකපාර මට උන් හිටි තැන් අමතක උනා..මම කොහොමද මේ මහ රෑ ගෙයින් එලියට යන්නෙ..මට හිතෙන්නෙ එයාට ගොඩක් කේන්ති ගිහින් වගේ..නැත්නම් එයා මට කවදාවත් තමුසෙ කියන්නෙ නෑ..

"එත් මම එයාට වැරැද්දක් කරෙ නෑනේ.."

මම එලියට නොගියොත් මෙයා ඇත්තටම මගේ රූම් එන්න බැරි නෑ..මම රූම් එකෙන් එලියට යනකොට සාලේ ලායිට් නිවලා තිබුනා ඒ කියන්නෙ හල්මොනි නිදි වෙන්නොන..මම පොලොවටත් නොදැනෙන සයිස් එකට අඩියෙන් අඩිය ඉස්සරහට තියල ගිහින් හිමිට ගෙට්ටුවත් ඇරගෙන එලියට ආවා..

"යා එනවා මෙහාට..."

මම ගේට්ටුවෙන් එලියට අඩිය තියනවත් එක්ක එයා මගේ එක අතකින් ඇදගෙන හල්මෝනිගේ කඩේත් අපේ ගෙදරත් අතර තිබුන තප්පෙ ගාවට ගිහින් නතර උනා..

"බබා තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ අහ්හ්..."

මගේ ඇගෙ හිරිගඩු පිපුනා එයාගේ කටේ සද්දෙට..වෙනදාට ලස්සනට දිලිසෙන ඒ බෝල ඇස් අද කේන්තියෙන් පිරිලා ගිහින්..මට ලොකු බයක් දැනුනා ඒ ඇස් ගොඩක් රතු වෙලා තියෙනව දැකලා..මම එයාට උත්තර දෙනවා වෙනුවට කරෙ ඒ ඇස් දිහා බලන් හිටිය එක..

"නේහා කතා කරනවා මගේ අතින් වැරදක් උනාද අද අර වගේ මාව පෙනි පෙනි බස් එකට නැගලා එන්න ආවේ.."

එයා මගේ උරිස් දෙක තදින් හොලවන ගමන් ඇහුව්වේ මගේ කදුලු බෙරෙන ඇස් දිහා කෙලින් බලාගෙන..

"බබා ඔය ඇඩිල්ල නවත්තගන්නවා..මගේ යකා තව අවුස්ස ගන්නැතුව..."

එයා මේ කෑගහන විදියට මාව වෙවුලනවා..

"ඔ..ප්...පා  චෙ..බ.ල්  කෑ..ගහ..න්න  එ...පා.. හ..ල්..මො.නි  ඇහැ..රෙ..යි.."

මම ඉකි ගහ කිව්වේ බයට මගේ පපුවත් හයියෙන් ගැහෙද්දි..

"අරස්සො බබා මියානේ මට මාව පාලනෙ කරගන්න බෑ..ඔයා හේතුවක් නැතුව මාව මග අරිනකොට.."

එයා එහෙම කිව්වේ මගේ ඇස්වලින් වැටේන කදුලු ඒ අත් දෙකෙන්ම පිහිදලා..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now