Final 💑

2.2K 293 111
                                    


"අයිගො.. මගේ පැටියා අද ගොඩක් ලස්සනයි "

"අනේ හල්මොනි ඇයි මේ ඉතිං මේ ඇස්වල කදුලු.."

පියෝ වය්ට් ක්ලර් වෙඩින් frock එකෙන් හැඩවෙලා ඉන්න මගේ දිහා බලන් හල්මොනි ඉන්නෙ ඒ ඇස්වල සතුටු කදුලුත් පුරවගෙන..

"මගේ චුටි කෙල්ල අද ලස්සන මනමාලියක් වෙලා..මේ හල්මොනිට ගොඩක් සතුටුයි මයේ දෝණි "

හල්මොනි මගේ කම්මුලක් හරිම මෘදුව අතගෑවේ එක අතකින් එයාගේ කම්මුලට වැටුණ කදුලු බිංදුවක් පිහිදලා..

"මම හල්මොනිට ගොඩක් ආදරෙයි.."

මම හල්මොනිට තුරුලු උනේ අදින් පස්සෙ මගේ හල්මොනි මගේන් වෙන්වෙලා දුර ගමනක් යනවා කියල දැනෙද්දි ඇති උන දුකට..මොකද හල්මොනි අදින් පස්සෙ එයා කාලයක් තිස්සෙ ආස කරපු අරාම භික්ෂූනියක් විදියට එයාගේ ජිවිතේ ඉතුරු කාලය ගතකරන්න තිරණෙ කරල ඉවරයි..

"හැමදාම සතුටින් ඉන්න මගේ මැණික..බැදිම් සමහර වේලාවට රිදිම් ඇති කරවයි ඒවා සම සිතින් දාරාගෙන ජිවිතේට මුණ දෙන්නොන තේරුනාද මයේ අම්මාට.."

"නේ හල්මොනි.."

හල්මොනි මගේ කම්මුල් දෙකටම හාදු තියල මාවත් එක්කගෙන එලියට ආවේ church එකට යන්න වේලාව හරි නිසා..

"ඕමෝ නේහා..උබ අද බියුටි ක්වින් වගේ.."

වෙනදා වගේම අදත් සනි තමයි මගේ ළගින්ම හිටියෙ මගේ bridesmaid විදියට..එයා මගේ කන ළඟ ඉදන් මොනවා කියල කෙදිරුවත් මගේ නම් ඇස් තිබුනේ කලු පාට ෆුල් කිට් එක ඇදලා හෙයර් එක සයිඩ් එකට පිරල අල්තාරය ළඟ ඉදන් මගේ ඇස් දිහාම විතරක් බලාගෙන ඉන්න මගේ බෝල දෙක ළඟ..ඒ ඇස් අද මාව දැකල වෙනදාටත් වැඩිය සතුටින් දිලිසෙනවා..මම church එක මැදින් හෙමි හෙමින් අඩි තිය තිය ගිහින් මගේ බෝල ඇස් ගාවින් හිටගත්තෙ එයාගේ එක අතක් මගේ ඉන වටා එතෙද්දි..

කූ ඔප්පගේ ආදරණිය බෝල ඇස් දැකල දැනට අවුරුදු පහක් ගත උනාත් මට මේ මොහොතෙ දැනුනෙ මම මුල් වතාවට ඒ ඇස්වල බැල්මට නතු වෙනවා වගේයි..

"නොමු යෙප්පො.."

එයා මගේ කනට කරල එහෙම කියද්දි මට මතක් උනේ මුල් වතාවට කොලේජ් එකේ ෆැමිලියන් එක ඇතුලේදි එයා ඔය විදියටම මට කිව්ව දවස..මට තේරෙන්නෙ මම හරියට අලුතින් ඉපදිලා වගේ..ඒ තරම් මාව මේ දැනෙන සුන්දර හැගිම් පිස්සු වැට්ටුවා..මටත් නොදැනිම මගේ තොල් අතර ලස්සන සිනා රැල්ලක් ඇදුනේ එයාගේ අත මගේ අත තද කරලා අල්ලගනිද්දි..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now