chapter 12 💑

1.6K 226 3
                                    

එන්න අපි මොනවා හරි කාලා ඉමු බබා.."

මම හිතින් පණු සංහතියටම බැන බැන එයා එක්ක පහළට ගියා..

"මොනවද බබා ඔයා කන්න කැමති.."

කූ ඔප්ප ඇහුව්වේ කෑම ඕඩර් කරන්න ෆෝන් එක අතට අරන්..

"අනී ඕඩර් කරන්න අපා.."

මම එයාගේ අතින් ෆෝන් එක අරගෙන කිව්වා...

"මේ කිචන් එකේ මෙච්චර හදාගෙන කන්න පුලුවන් කෑම තියෙද්දි පිටින් ගෙන්න එපා ඔප්පා..මම කෑම හදන්නම්.."

"චින්චායො..."

එයාට නම් පුදුමයි වගේ මම එහෙම කිව්වම..

"හ්ම්ම්..කූ ඔප්පා ඔහොම වඩිවෙල ඉන්න මම ඉක්මන්ට රස කෑමක් හදගෙන එන්නම් හොදද.. "

මම එයාට වඩිවෙලා ඉන්න කියල කිචන් එකට ගියේ එයා වෙනුවෙන් මට පුලුවන් රසම කෑම එක හදලා දෙන්න හිතාගෙන..

මම තබොකි හදන්න පටන් ගත්තෙ ගොඩක් ආසාවෙන්..කිචන් එකේ වෙනම රැක් එකක් පිරෙන්න රම්‍යොන් පුරවලා මම කූ ඔප්ප කැමති බුල්ඩොක් රම්‍යොන් පැකට් තුනකුත් හදලා ඩෙසට් එකට ස්ටොබෙරි සැලඩ් එකක් හදන්න ගත්තා..

"මේක කපලා නම් ඉවරයි එත් fruits දාන්න බෝල් එකක් හොයා ගන්න නෑ නේ.."

මම විදුරු බඩු තියෙන කබඩ් එක අරින්න උසත් මදි..මම කිහිප සැරයක්ම උඩ පැන්නෙ කබඩ් එක අරින්න..

"බබා මොකද කරන්නෙ.."

එකපාරම මගේ ඉන දෙපැත්තෙන් කූ ඔප්ප ඉස්සුවේ මාව කාබට් එක අරින්න පුලුවන් තරම් උඩට ඉස්සෙන්න..මම උඩ පැන්න පාර මගේ ටිෂර් එකත් ඉස්සිලා තිබුන නිසා එයාගේ අත් වල උණුසුම මට හොඳටම දැනුණා..එයා මාව බිමින් තියද්දි මට තේරුණේ මගේ කම්මුල් වලට ලේ පිරිගෙන එනවා කියල..

"මොකද මේ ස්ටොබෙරි ගෙඩියටත් වඩා රතු වෙලා අහ් බබා.."

එයා කිව්වේ සැලඩ් එකට ගත්ත ස්ටොබෙරි ගෙඩියක් මගේ මුණෙ අතුල්ලලා..

"අනේ ඔප්ප යන්නකො මම කෑම අරන් එන්නම්.."

"යා පුදුම ලැජ්ජාවක් නේ මට තුරුලුවෙලා ඉන්න හොඳයි මම ටිකක් ඇල්ලුවම තමා අවුල්.."

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now