හොටෙල් එකෙන් එනගමන් කූ ඔප්පා මගේන් එයාගේ birthday gift එක විදියට ඉල්ලුවේ අද මුළු දවසම එයා එක්ක ඉන්න කියලා ඒ නිසා මමත් කූ ඔප්පලයි ගෙදර ආවේ එයාත් එක්කම..එයා නම් ආව වේලේ ඉඳන් දොයි..හොබි ඔප්ප නම් අද සැහෙන්න වැඩ හවසට කූ ඔප්පගේ birthday party එකට මුළු ගේම පුදුම තරම් ලස්සනට ඩෙකරෙඩ් කරලා..මට කරන්න දේයක් නැති නිසා මම කිචන් එකට ගියා..
"ඕමෝ කූ ඔප්පගේ අප්පාද කේක් හදන්නෙ.."
"ඔව් චුටි දුව , ආදල්ලා දෙන්නාගේම උපන් දිනවලට කේක් එක හදන්නෙ මම.."
කූ ඔප්පගේ අප්පා මට කතා කරෙ චුටි දුව කියල..මම ආසයි ඒ නමට..
කූ ඔප්පගේ අප්පා birthday කේක් එක හදන දිහා මම ගොඩක් ආසවෙන් බලන් ඉදියා..අදත් මට හිතුණේ මටත් මේ වගේ අප්පා කෙනෙක් හිටියා නම් කියල එහෙනම් එයාත් මම වෙනුවෙන් කේක් හදලා දෙයි..
"අයිගො ඇයි මේ චුටි දුවගේ ඇස්වල කදුලු.."
කූ ඔප්පගේ අප්පා මගේ කම්මුලට අතක් තියලා ඇහුව්වේ මටත් නොදැනිම මගේ ඇස්වලින් වැටුණ කදුලු බිංදු දැකලා..
"අනී කූ ඔප්පගේ අප්පා දැක්කාම මට මගේ අප්.. "
මට ඉතුරු ටික කියන්න ලැබුනෙ නෑ කූ ඔප්පාගේ අප්පා මාව හරි ආදරෙන් ළගට අරගෙන තුරුලු කරගත්තා..
"ඉතිං මම දැන් චුටි දුවගේත් අප්පා තමයි අයෙ මට කුකිගේ අප්පා කියන්න එපා කෙලින්ම අප්පා කියන්න හොදද.."
"අප්පා.."
මම ජිවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට අප්පා කියල කතාකරා..
"හ්ම්ම්..කො දැන් චුටි දුව මට උදව් කරන්න කුකිගේ birthday කේක් එක හදන්න.."
මට හරි සතුටුයි මම දැනගෙන හිටියා කූ ඔප්පාගේ අප්පා හොද කෙනෙක් කියල එත් අදයි දැනගත්තෙ එයාගෙනුයි මගේ කූ බෝලෙටත් අර වගේ ලස්සන හදවතක් ලැබිලා තියෙන්නෙ කියලා..අනේ කූ ඔප්පගේ ඔම්මත් හිටියනම් අප්පා මෙච්චර හොදනම් ඔම්මා කොච්චර හොද ඇද්ද..
මම අප්පා එක්ක කේක් එකත් හදලා කූ බෝලේව හොයාගෙන රූම් එකට ගියා..
"මේක මහා පුදුම නින්දක් නේ..birthday boy ඔහොමත් දොයියනවද.."
මටත් ඉතිං අත පය තියන් ඉන්න බෑනේ මේ ගොරව ගොරව නිදන් ඉන්න හා බෝලේව දැක්කාම..
YOU ARE READING
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Fanfictionකතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_