Preview 💚❤
ඔය විදිහට ඉතිං මමත් ලැස්ති වෙලා ආවට පස්සෙ අපි ඔක්කොම ලන්ච් වලට ගියා ...ඒ අතරත් මගේ කල්පනාව තිබුනේ මගේ බනි ගාව.
ඒත් එක පාරටම...💚❤ To be continue ❤💚
🕵️🔊 ඒයී ....ඒයී....🔊යිබෝ .. මොන සිහියෙන්ද පාරේ යන්නේ මැට්ටෝ ...
කියලා මාව එක පාරටම කවුරු හරි ඇදලා ගත්තා .ඇදපු කෙනාගේ මූණ බැලුවා මිසක් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනා. මාව ඇදලා අරන් තිබුනේ yixuan ... මෙන්න yixuan මාව පාර මැද තියාගෙන ජාතිය අමතන්න ගත්තා. ඒත් මම තාම දන්නේ නැහැ හේතුව බනින. ඔන්න ඔහේ ඕන එකක් කියපු දෙන් කියලා මන් ආයෙත් මනෝ පාරක් දාගෙන හිටියා . ඒත් එක පාරටම ...
🕵️ 🔊 ..යිබෝ .. මන් කියන දේ අහගෙනද ඉන්නෙ ..කියලා
මගේ කණට ලං වෙලා යටිගිරියෙන් කෑගහපු පාර මගේ අතේ තිබුන ෆෝන් එකත් බිම. ඒ මදිවට අපේ අනිත් සෙට් එකත් එතනට දුවගෙන ආවා. මේ වෙනකොට ඒ 3 දෙනා අපි දෙන්නට වඩා ටිකක් දුර ගිහින් හිටියේ ,සද්ද ඇහිලා ආවේ. සැජ්ජාව බාල්දියෙන් එකයි..
මේ වෙනකොට yixuan ගේ සද්දෙට පාරේ යන මිනිස්සුත් ටිකට් නැතුවම ශෝ එක බලන්න පටන් අරන් තිබුනේ. වෙලාවට ඉතිං මාස්ක් එකක් දාගෙන හිටියේ...👨👦👦 ඇයි..ඇයි මොකද උනේ ...
තුන්දෙනාම එක පාර අහනකොට උත්තර දෙන්නෙ කාටද .මෙහෙම හිතනකොටම ගාගා
🧒 yixuan මොකද උනේ .. ඇයි බෝට කෑගහන්නේ... බලනවකෝ පාරෙ යන උන්ටත් බොලා දෙන්නා මැජික් පෙන්නනවනේ. ....
ඒ අස්සේ පාරෙ ගියපු ටිකක් මැර සයිස් එකේ ඩයල් එකක් ඇවිත් එක පාරටම ඇහුවනේ ..
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanficආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...