💚❤️ CHAPTER 16 💚❤️

109 35 16
                                    

💚❤️ YIZHAN BEGINNING 💚❤️

PREVIEW 👇

" ගාගා ...ඉතිං තව මොනවද බනී , කිව්වේ ?.."

ගැඹුරු කල්පනාවක සිටි ගාගා ආයෙත් මගේ හඬින් පියවි ලොවට ආවා...ආයෙත් අර සුපුරුදු බැරෑරුම් පෙනුම මුහුණ ට අරගෙන කතා කරන්න පටන් ගත්තා...

       TO  BE CONTINUE 💚❤️

💚 CHAPTER  16 ❤️

" දැන්ම ඒක කියන්න ඕන කියලා නීතියක් නැහැනෙ බෝදියෝ ...හහ් ..හහ් ..හා...."

එහෙම කියලා ගාගා හිනාවෙනකොට මගේ   අර හැංගිලා හිටපු වසවර්තියා එලියට එන්න ගත්තා...ගගා දැනගත්තා මගේ ලිමිට් පැනලා කියලා ...මාව වෙව්ලනවා ....අනිත් ඕන දෙයක් ගනන්  නොගෙන හිටියට මගේ ආදරේ ළඟදී මං ගොඩක් සෙන්සෙටිව් වගේම සීරියස් ...මං කැමති නැහැ මගේ ආදරේ විහිලුවක් වෙනවට...

" අයිගූ ....ඔය යක්ෂ වර්ශන් එක  ඕෆ් කරලා මෙන්න මෙහෙ  එනවා...දැන් නම් අපිට මුලු ලන්ච් එකම හදගන්න පුළුවන් වගේ  ඔය ඇස්වලින් පිටවෙන ගින්දර වලින්....."

" ගාගා ...ඔයාට මාව දැන් ජෝකර් කෙනෙක් වගේද පේන්නේ...කියනවා ...ඉතිං ...එහෙමද පේන්නේ ...." 

එහෙම කියලා මං එයාව පුච්චලා අලු වෙලා යන්න පුළුවන් තරමේ බැල්මක් දාලා  මං නැගිටලා යන්න ගියා...ඒත් එක්කම ගාගා මාව ඇදලා ගත්ත පාරට මං එයාගේ ඔඩොක්කුවේ ඉන්දවුනා...මං නැගිටලා යන්න දගලනකොට මාව තද කරලා අල්ලන් රහසින් කියපු දේ නිසා මගේ  ඇස් වලින් දිය ඇල්ලකින් ගලන වතුර පාරක් වගේ කදුලු කඩා හැලෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ ...

" අනේ ගාගා,  ප්ලි..ස්...ආ...යෙ..ත් ..කිය..න්..න...මට....කි..යන්...න...ගා..හ්..ගා..."

මම ඉකිගසමින් වැළපෙමින් අසන කොට එහෙමම ගාගා මාව තවත් එයාගේ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගාන්න ගත්තා..."

"හරි ..හරි..දැන් හොද බෝදී වගේ ..මෙතනින් වාඩි වෙන්නකෝ..."

එහෙම කීවම මම එයාගේ ඔඩොක්කුවෙන් නැගිටලා එයාට මෙහා  පැත්තෙන්  ඉදගත්තා... පස්සෙ මගේ කරට අතකුත් දාගෙන  මුල ඉදලා කතාව කියන්න ගත්තා...

" මං මේ කියන ඒවා මගේ වචන කියලා හිතන්න එපා බෝදි...මේ හැමදේම මට කිව්වේ ජාන්...ඔයාට කලින්  එයා ඔයා ගැන හොයලා ...චිනේ ඉන්නකාලෙම තමයි  ....ඒත් අහම්බෙන් ඔයා ජපන් එන එක දැනගෙන තියෙන්නේ ...ඉතිං එයා ශෝ එක බලන්න නෙමෙයි ආවේ..ඔයාව බලන්න...ඔයා එක්ක කතා කරන්න...ඒත් ඒක බැරි වෙලා ..අවුලෙන් තමයි ඉදලා තියෙන්නේ ..ඒත් එයා හිතලා නැහැ අපි එයාලගේ  ශෝ එක බලන්න එයි කියලා ,...අවසානේ ඉතිං නොහිතපු වෙලාවක අපිත් එයා බලන්න ගියා...ඒත් ...එයා එයාගේ හිතේ  තියෙන දේවල් හංගගෙන තමයි ඔයා එක්ක කතා කරලා තියෙන්නේ .....දැන් මොකද ඔය ආයෙත් ටැප් එක අරින්න හදන්නේ...කියන්න ඕනද ...එපාද...."

❤💚 YIZHAN  BEGINNING  💚❤  ( Ongoing )Where stories live. Discover now