💚❤️ YIZHAN BEGINNING 💚❤️
PREVIEW 👇
" යන්න අර අතන තියෙන වොශ් රූම් එකට ගිහින් ටිකක් මූණ සෝදගෙන කලින් මෙතනට එනකොට හිටිය මගේ නසරානි කොල්ලව අරන් එන්න ඉක්මනින් ...මන් එතකල් වෙහිකල් එකට ගිහින් අරුන්ව හැඩල් කරගන්න බලන්නම්...😁..."
" හරි ගාගා ...මං ඉක්මනින් එන්නම්..."
එහෙම කියලා මන් ගාගාට වෙහිකල් එකට යන්න ඇරලා වොශ් රූම් එකට ගියා...ගිහින් ඉක්මනින් ටිකක් රීප්‍රෙශ් වෙලා කලින් හිටිය නසරානි මූඩ් ඔන් කලත් ඇස් දෙක නම් රතු වෙලා ඉදිමුලාම තිබුනා....මන් එහෙම ම අපේ වෙහිකල් එක ලගටම යනකොට ම
TO BE CONTINUE 💙
💚 CHAPTER 15 ❤️
මෙන්න එක පාරම සෙට් එක එක්කම වෙහිකල් එකේ ග්ලාස් ඇරගෙන කී දෙයින් මට උන් හිටිතැන් පවා අමතක වුනා...
" බෝදී...බෝදි...බෝදි..."👋
මේ විදිහට තාලෙට කියලා එකාට එකා හායි ෆයිව් දානවා...ඒත් ඒකට හේතුවක් නම් දන්නේ නැහැ ..හැබැයි මට බෝදි කියන්නේ එක්කෙනයිනේ...ඒ මගේ බනියනේ....එයත් නැහැනෙ මෙතන ...එයාලගේ වෙහිකල් එක ගිහින් හුගාක් වෙලානේ....එතකොට මුන් සෙට් එක කොහෙන්ද ඔය කෑල්ල අහුලගත්තේ... මං එහෙම ම උන් දිහා ආයෙත් බලාගෙන ඉන්නකොට ආයෙත්....
" බෝදි ....පරක්කු වෙනවා....හොටෙල් එකට යන්න කල්පනාවක් නැද්දෝ ..?.. ඔතන අනිමිසේ කරන්නද හදන්නේ... "
යැයි යීෂුආන් කියන්න පටන් ගත්තා ..කාලා වරෙන්කෝ ඉතිං දැන් ...එහෙම හිතන ගමන් මං වෙහිකල් එකට නැගලා ගාගා දිහා බැලුවත් එයා ඇහෙන් ඉගි කලේ වාඩිවෙලා කට වහගෙන ඉන්න කියලයි..මමත් ඉතිං නොකර සද්ද ගාගට මෙහා පැත්තේ ශීට් එකෙන් හිදගත්තා...ටිකක් දුර යනකොට ආයෙත් ..
" බෝදි ..බෝදි ..බෝදි ...බායි..."
යනුවෙන් පවසන විට වෙලා තියෙන විනාසය මට තේරුම් ගන්න පුළුවන් උනත් හරියට පැහැදිලිව ම හිතාගන්න බැරි උනා...ටිකක් වෙලා යනකොට එකා දෙන්නා නින්දට වැටුනා...මං හෙමිහිට ගාගා ලගට කිට්ටු වුනේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕන නිසයි... එතකොට ගාගා හිනාවෙන්න ගත්තත් එයා හිනාව ගිලගන්න සෑහෙන්න උත්සහ කලේ අරුන් ටික ඇහැරෙයි කියලා ...මං සද්ද නැතුව ආයෙත් එතනින් නැගිටලා මගේ ශීට් එකට යන්න ගියත් ගාගා මගේ අතින් ඇදලා අරන් එයාගේ ළඟින් හිදවගෙන මගේ කරටත් අතක් දාගෙන කතා කරන්න පටන් ගත්තා ...
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Фанфикආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...