💚❤️ YIZHAN BEGINNING 💚❤
✨️ Preview 👇
අහ් හරි තෑන්ක්ස් ෂියාඕ ජාන් ...
පස්සෙ අපි දෙන්නා කැෆේ එකෙන් එලියට ඇවිත් ආපහු ඔඩිටෝරියම් එක පැත්තට ඇවිදගෙන යනකොට මට මගේ ආදරය එයාට කියන්න වෙන දවසක් එයිද නැද්ද කියලා හිතෙද්දි මම එයා දිහා බැලුවා...ඒත් මං එයා දිහා බලනකොටම ...
❤️ TO BE CONTINUE 💚💚❤️ CHAPTER 13 ❤️💚
මේ හාවා මගේ දිහාම බලාගෙන ඉන්නවා...මටත් ඉතිං කියන්න ගිය දේත් අමතක වෙලා ගියා... අපේ ඇස් එකිනෙක යා වෙලා කොපමණ වෙලාවක් තිබුනද කියලා මතකයක් නම් නැහැ ... අපි හිටපු කැෆේ එක ළඟින් ගිය වාහනයක හෝන් හඬක් නිසා අපි දෙන්නාම පියවි සිහියට ආවා කීවොත් මං හිතන්නේ මම නිවැරැදි ...
අපි දෙන්නට දැන් දෙන්නගේ මූණ දිහා බලන්නවත් බැරි තරමට අප දෙදෙනාටම නොහැකි විය...හේතුව කුමක් උවත් මට නම් වැටහුනේ බනීගේ හිතත් මං ගැන හිතනවා වගේ හැගීමක් ...කමක් නැහැ බනියෝ අපි ඔහොම හෙමින් යමුකෝ....
" මේ මොකක්ද ඔයා කියන්න ගිහින් නතර කලේ...වන්ග් යිබෝ ..."
" මුලින්ම ෂියාඕ ජාන් ..ඔයා මට මුලු නමම හෑල්ලක් වගේ කියන එක නතර කරලා එක නමකින් කතා කරමුද... මොකද මම ඔයාගේ ෆෑන් කෙනෙක් නේ...ඉතිං අපි ලගයිනේ නේද ෂියාඕ ජාන් ..."
" හරි ...හරී...එහෙනම් මෙහෙම කරමු...මට ඔයාගේ වයස කියන්නකෝ...එතකොට මං ඔයාගේ නම ශෝට් කරන්නම්කෝ..😁..."
ඔය ඉතිං මේක කරන්න බෑනේ අප්පාහ් ...ආයෙත් විරිත්තන්න තියාගත්තනේ...ඇත්තමයි, ප්ලිස් යිබෝ , ඔයා දැන් හොදට හුස්මක් ගන්න....නැත්තම් අදම මෙතන ආදරේ කියන්න කලින් ෆස්ට් නයිට් එකම පටන් ගනී....ඌප්ස්...ඔයාට මං කියන්නේ නැහැ ....ඔය කැත හිත අපි පස්සෙ දවසක එලියට ගමු...දැන් අපි ලස්සන හොද හිත විතරක් එලියට ගමු හොදේ....
යිබෝ එයාගේ හිතත් එක්ක ලොකු කතාවක ඉන්න අතරේ...." හෙලෝව්..වන්ග් යීබෝ ....යිබෝ....බෝ...."
ජාන් ගේ සද්දයට බෝ පියවි සිහියට ආවා ..ඒකත් ඉතිං එයාගේ කන ලගින්ම ඇහුන නිසා...
" අහ් ..ඔව් ෂියාඕ ජාන් ...."
" මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ...ඒකට තාම නෝ ආන්සර් නේද වන්ග් යිබෝ ...අකමැති නම් ප්‍රශ්නයක් නැහැ ..මං මේ විදිහට ම කතා කරන්නම්කෝ...වන්ග් යිබෝ ...😒 .."
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanfictionආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...