Part 20

63 17 57
                                    

දිනු දිසි සදි ජූන් ජින් හොබි කියන හය දෙනාගෙම ජිවිත අදින් වෙනස් වෙනවා..ඒ වෙනස ඒ හය දෙනාගෙම ජිවිත වල මතක හිටින දෙයක් වෙයි....ඔව් අද එයාලා එයාලගෙම වෙනවා...ලස්සන හදවත් හයක් අද එකට එකතු වෙනවා....දිනු දිසි සදි කියන්නෙ මොන විදිහේ ගෑනු ලමයි තුන්දෙනෙක් වුනත් අද එයාලත් අනෙක් ගෑනු ලමයි වගේම එයාලගේ විවාහය නිසා ගොඩාක් සතුටු වෙනවා..එ වගේම ජූන් ජින් හොබි තුන්දෙනත් කෙල්ලො තුන්දෙනට නොදෙවෙනි සතුටක් විදිනවා...

මුලු පල්ලියම පිරිල ගිහින් තිබුනේ අද මෙ සුන්දර අවස්තාවට ආපු අමුත්තන්ගෙන්...මුලු පල්ලියම මල් වලින් සරසරා...හරියට සුරංගනා ලෝකයක් වගෙ...හැමොගේම හිනා ශබ්දය කටහඩවල් පල්ලිය පුරා දොංකාර දුන්නා...ජින් නම්ජුන් හොබී තුන්දෙනාම හිටියේ ෆාදර් එක්ක පල්ලිය ඉස්සරහා හිටගෙන...ටිකක් වෙලා යනකොට පල්ලියෙ හිටපු හැමෝම නිශ්ශබ්ද කරගෙන පල්ලිය ඇතුලට ආවෙ සුදු පාට ගවුම් වලින් සැරසුනු අත් වලින් මල් පොකුරු දරාගත්තු ලස්සන කුමාරිකාවො වගෙ කෙල්ලො තුන්දෙනෙක්...මුලින්ම දිනු ඊලගට දිසි අන්තිමට ආවෙ සදි....එයාලා වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි...කෙල්ලො තුන්දෙනා හරිම සංවර විදිහට පල්ලියෙ හිටපු අමුත්තො අතරින් ඇවිදගෙන ගියෙ එයාලගේ කුමාරයො තුන්දෙනා ලගට...තමන් ඉන්න පැත්තට ඇවිදගෙන එන ඒ සුදු පාටින් සැරසුනු කුමාරිකාවො තුන්දෙනා දැකපු කොල්ලො තුන්දෙනා නම් හිටියේ හොද සිහියෙන් නෙවෙ....නම්ජුන් එයාගෙ ලගට ඇවිදගෙන එන දිනුගෙ පැත්තට එයා අතක් දික් කරනකොට දිනුත් එයාගෙ අත නම්ජුන්ගෙ අත උඩින් තිබ්බා....

නම්ජුන් - අද ඔයා ලස්සනයි....

දිනු - ඇයි වෙනදට මං කැතද...

නම්ජුන් - නැහැ අනෙ වෙනදට වඩා අද ලස්සනයි..

දිනු - අහ් ඒක මිසක්...

දිනු නම්ජුන් ලගට වෙලා හෙමින් හිනා වුනේ මූනත් රතුම රතු පාට කරගෙන...ඒ වගේම ජින් ලග දිසිත් හොබී ලග සදිත් හිටියේ ඒ කට්ටියගෙම ලෝක වල තනිවෙලා...

ඒත් එක්කම ෆාදර් චාරිත්‍ර කරන්න පටන් ගත්තා....පල්ලිය ඇතුලෙ හිටපු හැමෝම නිශ්ශබ්දව මේ ලස්සන මොහොතේ සුන්දරත්වය හදවතින්ම වින්දා....

Fighting sistersWhere stories live. Discover now