Namjoon's Secret 2

49 7 4
                                    

එනකොට කාමරේ ලයිට් දාලා. කව්රු හරි ඉන්නවා. කව්ද දන්නෑ..

මම කාමරේට ආවා.

?? "මම අද මෙහෙ ඉන්නම්...?"

...........................................................................................

කූක්??

💙 "මොකො කූක් මෙහෙ කරන්නෙ?"

💜 "මම අද මෙහෙ ඉන්නද හියුන්ග්?"

💙 "වෙනදට ඉන්නෙ ටේ එක්ක නේ?"

💜 "හරී ඉතින් අද විතරක් ඔයා එක්ක ඉන්න දෙන්නකො...

💙 "හ්ම්.. හ්ම්.. හැබැයි ටේට වගේ මහ පාන්දර මට එහෙම ගේම් ගහන්න කතා කරන්න බෑ..."

💜 "අයියෝ හරි හරි හියුන්ග්"

💙 "එහෙනම් එන්නකො ඇඳට මම ලයිට් ඕෆ් කරන්නම්"

නැම්ජූන් ලයිටුත් ඕයි කරා. කූක්ටනම් ජූන්ගෙ තුරුලෙම නින්ද ගිහින්. ඒත්. ජූන්ට නම් නින්ද අහලකවත් නෑ. නැම්ජූන් හෙමීට කූක්ව තමන්ගෙ ඇඟෙන් අයින් කරලා කොට්ටෙන් තියලා නැගිට්ටා. නින්දත් නැති නිසා ජූන් වෙනදා වගේම පරණ නෝට් බුක් එක හොයන්න ගත්තා.

ඒත් වෙනදා තිබ්බ තැන අද ඒක නෑ. ජූන් කලබලෙන් උනත් සද්ද නැතුව ඒක හෙව්වා. එතකොට තමයි ජූන් දැක්කෙ පොත් ගොඩක් යටට වෙලා තිබ්බ නෝට් බුක් එක. එකපාරම ඒක ඇදලා ගත්ත ජූන් ඒකත් පෙරල පෙරල ගියෙ බැල්කනි එකට.

බැල්කනී එකට ආව ජූන් ඇත තියෙන තරු එක්ක කතා කරන්න ගත්තා.

💙 "මට නින්ද යන්නෙ ඔයා ගැන හිතුවොත් විතරයි මැණික. මම තාම විඳවනවා. ඇයී ඔයා එදා එහෙම මාව දාලා ගියේ. දන්නවද අද මම මේ ලෝකෙ කොච්චර ප්‍රසිද්ධ උනත් මට හිතෙන්නේ මම තනි උන කෙනෙක් කීයලා නේ. ඔයා නැති ජීවිතෙ හරියට ඉරක් නැති ලෝකයක් වගේ. හැමතිස්සෙම අඳුරෙ ගිලිලා. ඒත් ඒක මගේ වැරද්ද. මට එදා කලින් එන්න තිබ්බා. මට සමා වෙන්න මගෙ මැණික....."

(දැන් ඉතින් බලන්න එපා මම මේ මොකක්ද කියවන අත් බූතෙ කියලා. ඕක තව පස්සට එන කතාවක් 😁 මම හෙමීට ඔය ගැන කියන්නම්..)

ජුන් වැටට හේත්තු වෙලා මේ කියන දේවල් තව කෙනෙක්ට ඇහෙනවා කියලා එයා දැනන් හිටියෙ නෑ.

Promise Where stories live. Discover now