Award show එකෙන් පස්සෙ කට්ටියම එලියට ඇවිත් වාහන වලට නැගලා කට්ටියම ආපහු dorm එකට ආවම නැම්ජූන් ආයෙම වොෂ් එකක් දාගෙන කට්ටියටම කියලා එලියට ගියා. හැමෝගෙන්ම ඈතට ඇවිත් කවුරුවත් නැති පැත්තක තියෙන පුංචි විලක් ලඟ බයිසිකල් එක නවත්තපු ජූන් එතන තිබ්බ බංකුව උඩ වාඩි වෙලා ලොකු හුස්මක් පහත හෙලුවෙ සමහර මතක තවමත් මෙතන හොල්මන් කරන නිසයි.
ගිය දවස් ටිකේම වැස්ස තිබුණු නිසා අලුතෙන් දලු දාලා ලස්සන කොල පාටකින් වැවිලා තිබ්බ තණකොල ගොඩ උඩින් වාඩි වෙලා කකුල් දෙක සීතල වතුර ඇතුලට දා ගත්ත නැම්ජූන් අහස දිහා බැලුවෙ වැස්සට පස්සෙ තවත් දිලිසෙමින් තිබ්බ හද එලියටයි.
ආයෙමත් දවසක ඔයා එක්ක ඒ දවස් වල වගේ හඳ එලියෙ සීතල විදින්න තිබ්බා නම්.....
අහස දිහා බලන් මුමුණපු නැම්ජූන් බර හුස්මක් පහත හෙලුවා.
ආ අද දන්න අදුනන කෙනෙක් මුණ ගැහුනා. අදුන ගන්නත් අමාරුයිනේ.. ඒ පුංචි කෙල්ල මෙච්චර ලොකු වෙලා ඇති කියලා හීනෙන්වත් හිතුනෙ නෑ මට. අනික බලන්නකෝ එයාගෙ වැඩ දිහා. ගොඩක් දක්ශ වෙලානේ... හරියට ඔයා වගේමයි. මුරණ්ඩුයී ඒත් දක්ෂයි. දන්නවද අද එයාව දැක්කම ඔයාවමයි මතක් වුණේ මට.
මතකද ඔයා මට කිව්වා දවසක ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් අරන් ඒක ලෝකෙ පුරා ප්‍රසිද්ධ කරන්න ඕනෙ කියලා. ඉතින් එයා ඒක ඔයා වෙනුවෙන් කරලා. ඔයාගෙ හීනෙ ඇත්තක් කරලා. සතුටුයි නේද.. අනිවාරෙන්ම මං දන්නවා උන්නි විදිහට ඔයා ගොඩක් සතුටු වෙනවා ඇති.
අනේ මට ඒ සතුට දකින්න තිබ්බ නම්... මං එදා ටිකක් ඉක්මන් වුණානම්.. එහෙනම් අද අපේ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබ්බා නේද. ගෙවුන කාලෙ ආයෙම පස්සට ඇදලා ගන්න පුලුවන් වුණානම්......පිටි පස්සට අත් දෙක තියලා ඒ මතට බර වෙලා හද එලිය දිහා බැලුව ජූන් ටික වෙලාවක් එහෙම්ම හිටියෙ හිත නිදහස් වෙනකම්....
ටික වෙලාවක් ගියාට පස්සෙ ආයෙමත් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ට ජූන් බයිසිකලෙත් තල්ලු කරන් හෙමීට ඇවිදන් ගියෙ පරිසරේ සීතල ටිකක් විඳ ගන්නත් හිතාගෙනයි.
ඒත් ජූන් දන්නවනම් එයා මෙතන මෙච්චර වෙලා හිටියෙ තනියම නොවෙන බව! එයා මෙච්චර වෙලා කියපු දේවල් තවත් කන් දෙකකට ඇහුණ වග. ඒ වගේම ඒ දේ එයාගෙ මුලු ජීවීතේම වෙනස් කරන වග ජූන් කීයටවත් එතනින් අඩියක් තියන එකක් නෑ.
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️