එයා කෑගහමින් ඇඬුවා. එයා ඒ අවජාතකයන්ගෙන් අයැදුවේ එයාගෙ අම්මට රිදවන්න එපා කියලා එයාට යන්න දෙන්න කියලා. ඒත් නෑ. උන් එයාගෙ අයැදීම් වලට ඇහුම්කන් දුන්නෙ නෑ.
"ම-මගෙ පැ-පැටියෝ." ඒ අවජාතකයන් තමන්ගේ වාරය භුක්ති විඳලා ඉවර වෙලා ගිය පසු ඉරිණු ඇඳුමින් හිටපු එයාගෙ අම්මා එයාට කතා කලා. එයාට උන් එක්ක සටන් කරන්න බැරුව නෙමෙයි. අනිවාර්යයෙන්ම එයාට පුලුවන්. මොකද එයා තමයි රාක්ෂයින්ගේ රැජිණ, ඒත් ඔයාලට තමන් ආදරය කරන කෙනෙක් රිද්දුවොත් මොකද වෙන්නෙ. අනිවාර්යයෙන්ම ඔයාට කිසිම දෙයක් හිතා ගන්න බැරුව අසරණ වෙනවා නේද. ඔයා ඒ දෙයින් කම්පනය වෙනවා නේද. නිරයේ රැජිණටත් වුනේ අන්න ඒ දේම තමයි.
එයාගෙ ස්වාමියා ස්වාභාවික මරණයකින් මිය ගියේ එයාලගෙ පුතා ඉපදුනාට පස්සෙ. නිරයේ රැජිණ වූ දා ඉඳන් එයා තමන්ගේ ලස්සන පුතත් එක්ක සතුටින් ජීවත් වුනා. ඒත් එක දවසක් එයා නිරයත් සුරලොවත් වෙන් කරන දේශසීමා ගංගාවට ආවා. අන්න එදා තමා එයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය වුනේ. කෙනෙක් එයාව ඒ ගඟ ගාවදි දැක්කා.
ඔව්, ඒ කෙනා තමයි සුරදූතයින්ගේ රජතුමා. රජතුමා එයාව ගඟ ගාවදි දැක්කා. එදායින් පස්සෙ ඒ දෙන්නා එකිනෙකා කෙරෙහි ආදරෙන් බැඳුනා. එයාගෙ පුතා පවා රජතුමාගෙ දුශ්ඨ නොපිරුණු ආශාවන් ගැන එයාට කිව්වත් එයා ඒවා ගනන් ගත්තෙ නෑ. මාස පහක් තිස්සෙ අඛන්ඩ හමූවීම් වලින් පස්සෙ එක් දවසක සුරදූතයින්ගේ රජතුමා එයාට හැමදාම එයාලා හමුවන තැනට එන්න කිව්වා. ඉරණම කියන්නේ.. අවුරුදු දහයක් වයසැති එයාගෙ පුතත් එදා එයත් එක්ක යන්න ආවා. ඒ දෙන්නා එතනට ගොඩ බැස්සම, රජතුමා නිවේදනය කලේ එයා දැනටමත් විවාහ වුනු කෙනෙක් වගේම දැන් මොහොතකට කලින් එයාගෙ රැජිණ ලස්සන පිරිමි දරුවෙක්ට උපත දුන්නා කියලත්.
එයාගෙ හදවත මිලියන ගානක් කෑලි වලට බිඳිලා ගියා. ඒත් එයාගෙ හදවත තවත් කඩා වැටුනේ රජතුමා එයාට එයාගෙම පුතා ඉස්සරහා බලහත්කාරකම් කරන කොට, එයාගෙ සෙබළු එයාගෙ පුතාව අල්ලගත්තම ඒ අහිංසක ඇස් ඉස්සරහම රජතුමා එයාව දූෂණය කරනකොට. රජතුමාට ඕන වුනේ නිරයේ රැජිණියගෙ බලයන් ලබාගන්න විතරයි.
පුංචි පිරිමි ළමයට ඕන වුනා එයාගෙ අම්මව බේරගන්න සටන් කරන්න, ඒත් රජුටත් එයාගෙ සෙබළුන්ටත් එරෙහිව සටන් කරන්න තරම් එයා ගොඩක් දුර්වල වුනා. එයාට කරන්න පුලුවන් එකම දේ වුනේ අඬන එකත්, උන් සේරම එයාගෙ අම්මව දූෂණය කරන දිහා බලන් ඉන්න එකත් විතරයි. ඊටපස්සෙ එයාගෙ අම්මට සිහි නැති වුනාම උන් හැමෝම එතනින් ගියේ තමන්ගේ අම්මට ඇස් අරින්න කියලා අඬමින් අයදිමින් ඉන්න පුංචි දරුවව තනිකරලා.
"ම-මගෙ පැ-පැටියෝ.." කිව්ව එයාගෙ අම්මා එයාව තද කරලා බදාගත්තා.
"මට සමාවෙන්න පැටියෝ.. මට සමාවෙන්න." එයාගෙ අම්මා සමාව ඉල්ලා අඬමින් සදහටම එයාගෙ ඇස් පියා ගත්තා. මවගෙ මළසිරුරෙන් පිච්චෙමින් උඩට නැගෙන අළු කැබලි එයා අල්ලගන්න උත්සාහ කලා. ඒත් නෑ.. ඒ සේරම නැති වෙලා ගියා. අන්න එතකොට එයා එයාගෙ අම්මට පොරොන්දු වුනා ඒ පළිය ඒ කුරිරු රජතුමාගෙන් ගන්නවා කියලා.. ඒ රජතුමාගෙ වටිනා පුතාව පැහැරගෙන එයාට දුක්විඳින්න සලස්වනවා කියලා.. එයා මුලු සුරලොවම පුච්චලා එයාගෙ රුධිරයේ පළිගැනීම ගන්නවා කියලා. එතකොට දැන් තමයි ඒ වෙලාව..
සුරදූතයින්ගේ කුමාරයව පැහැරගත්තා කියලවත්, එයාව විවාහ කරගත්තා කියලවත්, එයාට බලහත්කාරකම් කරා කියලවත් එයාට පුංචිම පුංචි පසුතැවීමක් පවා තිබුනෙ නෑ. එයාට ඕන වුනේ එයාගෙ අම්මට දැනුන වේදනාවම ඒ කුමාරයටත් දැනෙන්න සලස්වන එක විතරයි.
තමන්ගේ පළිගැනීමේ දම්වැල ලෙස සුරදූතයින්ගේ කුමාරයා කිම් ටේහ්යුන්ව අල්ලා ගත් ඒ කෙනා වෙන කවුරුත් නෙමෙයි ජියොන් ජන්ග්කුක්.
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
Continue vote and comment 💜💚A/N : හේ හේ ඩබල් අප්ඩේට් දෙන්නම් අද 😁
ලව් යූ 😘❤️
Stay safe 💜️
Thank you all ❤️❤️
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...