ජීසුන් නිරයට පහර දෙන්න යමින් හිටියා. ඔව්, ආරවුල් දැනටමත් ආරම්භ වෙලා තිබුනා. නිල් විශේ බලපෑමෙන් ජන්ග්කුක් හිටියේ හිට ගැනීමට පවා නොහැකි වන තරමට දුර්වල වෙලා. ටේහ්‍යුන් හිටියෙත් වචනයක්වත් කතා කරගන්න බැරුව. පසුතැවිල්ලත් වරදකාරී හැඟීමත් එයාව පණ පිටින් මරා දමමින් තිබුනා. එයාගෙ කම්මුල් වලින් කඳුලු නොනවත්වා කඩා හැලෙද්දි එයා නිකන්ම එතන වාඩි වෙලා හිටියා. උත්තේජක දෙන්න උත්සාහ කරමින් පසෙකින් ඉන්න වෙදදුරා සමඟ ඉන්න ජන්ග්කුක්ගේ හුස්ම අසාමාන්‍ය වෙන විදිහ එයා දැක්කා.
සමහර විට ඒකට විෂ වල බලපෑම නවත්තන්න හැකි වෙන්න පුලුවන්.
"එයාට හොඳ වෙයිද?" අපහසුවෙන් කෙළ ගිලලා තදින් කඳුලු පිස දාගත්ත ටේහ්‍යුන් බයෙන් ඇහුවා.
"සනීප කරගන්න බැරි තරමට විෂ නිසා එතුමාගෙ ශක්තිය නැති වෙලා, අපිට වෙලාව අඩුයි උතුමාණනි." වෙදදුරා කිව්වා. ටේහ්‍යුන් එයාගෙ යටි තොල හපාගත්තා.
"අපි දැන් මොකද කරන්නෙ?" ටේහ්‍යුන් ඇහුවා.
"කරුණාකරලා උතුමාණනි මට සමාවෙන්න. අපිට බෙහෙත හොයා ගන්න තව ටික කාලයක් දෙන්න." ප්‍රධාන වෙදදුරු එහෙම කියලා සමාවෙන්න කියලා එතනින් ගියේ ඉකිබිඳින ටේහ්‍යුන්ව තනි කරලා.
"ඔයා මගෙන් හැමදෙයක්ම ගත්තා හහ්. එතකොට දැන් මම මගෙ මුළු ජීවිතේම ඔයා එක්ක ගත කරන්න ලෑස්ති උනාට ප-පස්සෙ..පස්සෙ ඔයත් මාව දාලා යනවද හහ්?" කිව්ව ටේහ්‍යුන් එයාගෙ කඳුලු තදින් පිසදමමින් හයියෙන් අඬන්න පටන් ගෙන ජන්ග්කුක්ගේ පපුව උඩින් ඔලුව තියාගත්තා. හදිසි උනුසුම් ස්පර්ශයක් දැනෙනවත් එක්කම තිගැස්සුනු එයා ඔලුව උස්සලා බැලුවම දැක්කේ විඩාබර චොක්ලට් පාට ඇස් දෙකක් එයා දිහා ආදරෙන් බලන් ඉන්න විදිහ.
"ග්-ගුක්." එයාගෙ සැමියගෙ නම කියමින් ඇඬුව ටේහ්‍යුන් එයාව තදින් බදා ගත්තම පෙරළා ජන්ග්කුක්ගෙන් සිහින් හිනාවක් ලැබුනා.
"වද වෙන්න එපා. මං ඔයාව එච්චර ලේසියෙන් දාලා යන්නෙ නෑ." කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නිකටින් අල්ලලා එයාගෙ ඔලුව උස්සලා තොල් වලට නැඹුරු වෙලා හාදුවක් දුන්නා. පසුව නළලටත් පසුව ඇස් වලටත් අන්තිමේදි ආයිත් තොල් වලටත් හාදුවක් දුන්නා.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasiයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...