ඊළඟ දවසෙ උදෑසන මුලින්ම අවදිවුනේ ජියෝන් ජන්ග්කුක්. මූනට වැටුනු හිරු එළිය නිසා අවදි වුනු ජන්ග්කුක් ආලෝකයට ඇස් දෙක හුරු වෙන්න ඇස් දෙක අතින් පොඩි කරමින් වම් පැත්ත හැරුනම දැක්කේ, එයාගෙ ස්වාමියා තවමත් තද නින්දේ ඉන්න විදිහ. වඩා හොඳයි තවමත් සිහිසුන්ව ඉන්න විදිහ කිව්ව නම්. තමන්ගේ අත යටින් දැනෙන ඒ උනුසුම් සමත් ලස්සනත් දිහා ජන්ග්කුක් දිගටම බලන් හිටියා. ඒත් යම් දෙයක් මතක් වීමත් සමඟ එයා හිස දෙපැත්තට වැනුවේ කලකිරිමෙන්.
"ඔක්කොම සුරදූතයො එකයි." ජන්ග්කුක් තමන්ටම මුමුන ගත්තා. ඉන්පසු ජන්ග්කුක් ඇඳෙන් බැස ස්නානය සඳහා ස්නාන කුටියට යනකොට තමන්ගේ රජතුමා වෙනුවෙන් සේවකයෝ කීපදෙනෙක් එහි සූදානම්ව සිටියා. ඒ හැමෝම එයාගෙම සේවකයෝ. ඒත් ජන්ග්කුක්ට ඕන වුනේ තනියම ඉන්න. ඒ නිසා ඒ සියලුම දෙනාව එයා පිටත් කරා.
"තමුන්ලගෙ රැජිණව ඇහැරවනවලා. අනික එයා උදේ කෑම ගන්න එක ගැන වගබලාගන්න. ඊටපස්සෙ එයාව සූදානම් කරන්න." තමන්ගේ එක සේවකයෙක්ට අණ දුන්න ජන්ග්කුක් ජලයෙන් පිරී තිබූ කළු රෝස පෙති මතුපිට පාවෙමින් තිබූ විශාල නාන බේසමට බැස ගිලුනා. සඳුන් සුවඳැති ඉටිපන්දම් ඒ වටා දැල්වෙමින් තිබුනා වගේම දුර්වල සුවඳක් වාතයේ ඇදි ඇදී යමින් තිබුනා.
බේසමේ ගැටිත්ත උඩින් අත් දෙක තියාගත්ත ජන්ග්කුක් ඇස් දෙක පියාගෙන ඔලුව බේසමට හේත්තු කරගෙන උනුසුම් ජලයේ පහස විඳගත්තා. ජන්ග්කුක්ගේ සිතුවිලි ආයිත් ඇදී ගියේ සුරදූතයාට. එයත් එක්ක ගත කරපු රාත්රියට ඊටපස්සෙ ඔහුගෙ මනස ගමන් කලා. එයාගෙ කඳුලු යක්ෂයාට කොතරම් නම් වින්දනයක් දෙනවද කියලා එයා මතක් කලා. එයාගෙ සියලුම අයැදීම් වැළපීම් ජන්ග්කුක්ට ගෙනාවේ තෘප්තියක්. ඉන්පසු තමන්ගේ මතකයන් දිගඇරපු ජන්ග්කුක්ගේ මනසේ ඇදුනා තමන්ගේ ඉස්සරහම එයාගෙ අම්මව එයාගෙන් ඈතට ඇදන් යන විදිහ දැකලා අසරණව අයැදිමින් අඬමින් ඉන්න දස හැවිරිදි කුඩා පිරිමි ළමයෙක්ව. ඒ හිතක් පපුවක් නැති අවජාතකයින්ට එයාගෙ අම්මට රිද්දන්න එපා කියමින් එයා හඬා වැළපුනා. විශ්වාසයි, එයා රාජකීය රාක්ෂයෙක්, ඒත් හැම රාක්ෂයෙක්ටම තමන්ගේ බලයන් ලැබෙන්නෙ වයස දහ අටක් පිරුනම.
![](https://img.wattpad.com/cover/293048225-288-k655852.jpg)
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasíaයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...