කිම් ටේහ්‍යුන් ලොකු හුස්මක් පිට කරලා ඇඬීමෙන් රතු වී ඉදිමී තිබූ ඇස් පියා ගෙන තමන්ගේ සියලු තේජසින් හිට ගෙන සිටියේ, යක්ෂයා ඉදිරියේ. ඒ ඔහුගේ රැජිණ වීමට. ජියෝන් ජන්ග්කුක්, ආසන පේළි මැද වෙව්ලමින් හිටගෙන ඉන්න ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන තමන්ගෙ ඉස්සරහා හිට ගෙන ඉන්න සැලැස්සුවේ හිනා වෙමින්. ඔව්.. කිම් ටේහ්‍යුන් කියන්නෙ සුරදූතයෙක්, යක්ෂයෙක් වන ජියොන් ජන්ග්කුක් එයාව මෙහෙට ගෙනාවෙ බලහත්කාරයෙන් පැහැරගෙන. ඒත් ඒ ඇයි? සුරදූතයා ඒක දන්නෙ නෑ. එයා තමන්ගේ සුරලොව මාළිගයේ ගෙවත්තේ සැරිසරන ලස්සන සමනලුන්, විවිධ වර්ගයේ මල් වර්ග සිරි නරඹන්න උද්‍යානයට එන අතරමඟදී නාඳුනන පුද්ගලයන් දෙන්නෙක් ඇවිත් එයාව පැහැරගත්තේ එයාව සිහිය නැති කරවලා. ඊළඟ මොහොතේ සිහිය එන විට හිමින් ඇස් දෙක ඇරිය එයා දැක්කේ අඳුරේ ගිලී තිබූ කළුවර කාමරයක්, ඒ වගේම එයාව දම්වැල් වලින් බිත්තියේ සිර කොට තිබුනා.
ටේහ්‍යුන් පියවි සිහියට ආවේ එයාගෙ ඉස්සරහා හිටගෙන ඉන්න කෙනා එයාගෙ අත තදින් මිරිකනවා දැනුන නිසා. එයා වේදනාවෙන් කෙඳිරිගෑවේ අනිකාගෙ ග්රහනයෙන් මිදෙන්න උත්සාහ කරමින්.
"එයාට උත්තර දෙන්න මගෙ රැජිණියනි." එයාට ඇහුනා අනිකා එයාගෙ කනට කොඳුරනවා.
"සුරලොව සුරදූත කුමාරයා කිම් ටේහ්‍යුන් වන ඔබ, නිරයේ යක්ෂ රජු වන ජියොන් ජන්ග්කුක්ව තමන්ගේ ස්වාමියා ලෙස පිළිගන්නවද?" අප්‍රසන්න පුද්ගලයෙක් එහෙම කියන හඬ ඇහුන එයා හිස් බැල්මෙන් බලලා පසුව දැඩි කරගත් මුහුනෙන් යුතුව තමන් දිහා බලන් ඉන්න එයාගෙ වෙන්න යන්න ස්වාමියා දිහා බැලුවා.
"ඔව් කියනවා." එයාට ඇහුනා අනිත් කෙනා ආයිත් එයාට කොඳුරනවා. ටේහ්‍යුන්ගේ ඇස් අග කඳුලු පිරුනා.
"ඔ-ඔව්.. මං පිළිගන්නවා." ටේහ්‍යුන් කිව්වා. ඒ ප්‍රශ්නෙම ජන්ග්කුක්ගෙනුත් ඇහුවම එයා ඉක්මනින් ඒකට පිළිතුරු දුන්නා.
"සාතන්ගේ නාමයෙන්, ඔබ දෙදෙනා සහකරුවන් ලෙස මා ප්‍රකාශ කරනවා. දැන් ඔබලාට තමන්ගේ මනාලයව සිප ගන්න පුලුවන්." ඒ පුද්ගලයා කිව්වම ජන්ග්කුක්ගෙ මූනෙ උමතු නපුරු හිනාවක් ඇදුනා. එයා හිමින් ටේහ්‍යුන්ට නැඹුරු වුනාම සුරදූතයා වෙව්ලමින් පිටුපසට අඩියක් තැබුවා.

YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
خيال (فانتازيا)යදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...