කිම් ටේහ්‍යුන් එයාගෙ තේජසින්, ලස්සනින් හිටගෙන හිටියා. හැබැයි එයාගෙ තුළ ජීවයක් නෑ. ඔයාලා එයාගෙ ඇස් දිහා ගොඩක් වෙලා බලන් හිටියනම් පෙනේවි එයාගෙ ඇස් වල දීප්තියක් නෑ. එයාගෙ හිනාව ගොඩක් දුර්වලයි වගේම ව්‍යාජයි. එයාගෙ සියලුම බලයන් වගේම මායාවන් යක්ෂයා උරාගෙන නිසා එයාගෙන් ඉවත් වෙලා තිබුනා. ඒක නිරයේ රැජිණව සැමරීම සඳහා වූ උත්සවයක් වුනා. එයා ඇඳන් හිටියේ සුඛෝපභෝගී පෙනුමැති සුදු පැහැති ඇඳුමක්.
එයාගෙ එහා පැත්තෙ හිටගෙන ඉන්න යක්ෂයා දිහා එයා බැලුවා. එයාගෙ එක අතක් ටේහ්‍යුන්ගේ ඉන වටේ එතිලා තිබුනේ එයාව තදින් අල්ලගෙන. එයාගෙ ස්වාමියා දිහා බලන්න ටේහ්‍යුන් දිගු කාලයක් ගත්තා.
බොරුවක් නෙමෙයි, එයාගෙ ස්වාමියා ඇත්තවශයෙන්ම ගොඩක් කඩවසම් වගේම සරාගීයි. එයාගෙ වටේ හැම ජීවියෙක්ම ඉන්නවා එයාට හිලෑ කරගන්න. ඒත් හැමෝම අතරින් ජන්ග්කුක් එයාව එයාගෙ කියලා.. එයාගෙ රැජිණ කියලා තෝරගත්තා නේද කියලා අවබෝධ වුන නිසා හදිසියේම ටේහ්‍යුන්ගේ හදවතට ආඩම්බරයක් දැනුනා. ඒත් ඊටපස්සෙ එයාගෙ හදවතට දුකකුත් වේදනාවකුත් දැනුනෙ ජන්ග්කුක් එයාට කොච්චර නම් බලහත්කාරකම් කලාද කියලා මතක් වුන නිසා.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...