21. Possession

1.6K 329 29
                                    

ජියොන් ජන්ග්කුක් කනස්සල්ලෙන් බලාගෙන හිටියේ සති තුනකට කලින් කෙනෙක් එයාගෙ ඇඟේ හැප්පුන ඒ කැෆේ එකේම වාඩි වෙලා. එයා ඒ වෙලාවෙම එයාගෙ පිටුපසින් එළියට ගිහින් එයාගෙ නම ඇහුවා. එයාගෙ කම්පනය හැඟීම් ගොන්නක් බවට පත් වුනේ ඒ පිරිමි ළමයා හිනා වුනාම. ඒ බොක්සි හිනාවමයි. එයා බරැති කටහඬින් මෘදුව පිළිතුරු දුන්නා.

"කිම් ටේහ්‍යුන්. එතකොට ඔයා?" ජන්ග්කුක්ට වචනයක්වත් කතා කරගන්න බැරි වුනා. එයාගෙ ඉස්සරහා හිටපු ලස්සන කොල්ලා හිනා වුනා.

"හේයි මිස්ටර්.. ඔයා කවුද?" ජන්ග්කුක්ගේ ඉස්සරහා ටේහ්‍යුන් එයාගෙ අත වැනුවම ජන්ග්කුක් පියවි ලෝකෙට ආවා.

"අ-ආ ම-ම ජියොන් ජන්ග්කුක්. Nice to meet you." ජන්ග්කුක් පිළිතුරු දුන්නා. අන්න එහෙම තමයි එයාලගෙ කතාබහ දිගටම පැවතුනේ.

එකිනෙකා කතාබහ කරමින්, එකිනෙකාගෙ කැමති අකමැති දේවල් දැනගනිමින් ඒ දෙන්නා මුලු හවස් වරුවම ගත කලා. ඒ වගේම ඒ සියල්ලම කෙළවර වුනේ එකිනෙකාගෙ ෆෝන් නම්බර්ස් හුවමාරු කර ගත්තට පස්සෙ. ජන්ග්කුක් කවදාවත් හිතුවෙ නෑ එයා මිනිසුන්ගේ තාක්ෂණය පාවිච්චි කරයි කියලා. ඒත් පාවිච්චි කරනවා නම් ඒ එයාගෙ සුරදූතයා එක්ක සම්බන්ධ වෙන්න විතරයි. එහෙනම් එයා ඒක කරයි. ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරමින්, මුලු රැයවල් පුරාම කතා බස් කලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඒ කැෆේ එකේම පසුගිය සති අන්තයෙදි මුන ගැහුන ඒ දෙන්නා ආයිත් ඊළඟ සති අන්තයේදි මුන ගැහෙන්න පොරොන්දු වුනා.

ඉතින් අන්න ඒකයි ජන්ග්කුක් දැන් කැෆේ එකේ වාඩි වෙලා ටේහ්‍යුන් පේන්න එනකන් බලන් ඉන්නෙ. එයා තීරණයක් ගත්තා මේක තමයි පියවරක් ගන්න ඕන කාලය කියලා. එයාගේ අත දිගු කරලා ටේහ්‍යුන්ගෙන් අහන්න තීරණය කලා. ජන්ග්කුක් එයාටම පොරොන්දු වුනා ටේහ්‍යුන් එයාව පිළිගත්තත් ප්‍රතික්ෂේප කළත් සතුටු වෙනවා කියලා.

කැෆේ එකේ විදුරු බිත්තියට ඉදිරියේ ටේහ්‍යුන් ඉන්නවා දැක්ක ජන්ග්කුක් හිනා වුනා. ඒත් එයා නැගිටලා එයා ගාවට යන්න හදනකොටම එක තැන නතර වුනේ කෙනෙක් ටේහ්‍යුන්ව බදාගෙන ඊටපස්සෙ එයාගෙ කම්මුල් දෙකටම හාදු දෙනවා දැක්ක නිසා. ටේහ්‍යුන් ඒ මනුස්සයා එක්ක හිනා වෙනවා දැක්ක ජන්ග්කුක්ගේ ලේ කෝප වුනා. ටේහ්‍යුන් එක්ක කේන්තිගන්නෙ නෑ කියලා එයා පොරොන්දු වුනත්.. නෑ, එයා කැෆේ එකේ හිටගෙන හිටියේ කෝපයෙන් දුම් දමමින්.

His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now