කිම් ටේහ්‍යුන්, ඇඳේ වැතිරිලා සන්සුන්ව නිදාගෙන ඉන්න පුද්ගලයා දිහා බලන් හිටියා. එයා ගාවට ගිය ටේහ්‍යුන් එයා කොච්චර කඩවසම්ද කියලා දැකලා හුස්මක් හෙලුවා. ඒ වගේම ඒ වෙන කවුරුත් නෙමේ එයාගෙ ස්වාමියා ජියොන් ජන්ග්කුක්. එයාගෙ සංචාරය නිමා කරලා ආපහු ඇවිත්, වෙදදුරු විසින් සාදන ලද ඉන්ද්‍රජාලික ඖෂධ කීපයක් පානය කිරීමෙන් පස්සෙ දැන් එයා විවේක ගනිමින් හිටියා. ටේහ්‍යුන් එයාගෙ පසෙකින් වැතිරිලා තමන්ගෙ ස්වාමියගෙ ලක්ෂණ අධ්‍යනය කරමින් හිටියා. තරමක් දුඹුරු රෝස පැහැ සමට අසාමාන්‍ය පෙනුමක් ගෙනෙමින් එයාගෙ හම කොච්චර නම් සුදුමැලි වෙලාද කියලා එයා දැක්කා. ඒක අමුතු සංයෝජනයක් වුනත් තවමත් ලස්සනයි.
ඔහ් ටේහ්‍යුන් ඒ වෙනකොටත් යක්ෂයත් එක්ක මාස තුනක් ගත කරලා තිබුනා වගේම කාලය කොච්චර වේගෙන් ගෙවිලා ගිහින්ද කියලා එයාට වැටහුනේ නෑ. එයා මෙහෙ ආපු පළවෙනි වතාව, පසුව යක්ෂයා එක්ක විවාහ වුනු එක, ඊටපසුව එයාගෙන් දූෂණය වුනු එක, පසුව එයාගෙ දෑත් මත නිදා ගත් විදිහ එයා මතක් කලා. අනුමැතියකින් තොරව රාක්ෂයෙක් ටේහ්‍යුන්ගේ අත අල්ලගත්තම එයාගෙ සමට ඒ රාක්ෂයගෙ නිය කාවැදුනම ජන්ග්කුක් ඒ රාක්ෂයගෙ බෙල්ලට පැන්න විදිහ මතක් වුනු ටේහ්‍යුන් නොදැනුවත්වම හිනා වුනා. ඒ වගේ දේවල් වලට නිරයේ ඉඩක් නෑ. යක්ෂයාගෙ දේවල් අල්ලන්න. හුස්මක් හෙළපු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූන දිහා බලන් හිටියා. එයාගෙ බැල්ම ජන්ග්කුක්ගේ හුරුබුහුටි නහයට, පසුව මහත පිරුනු තොල් වලට, ඊටපස්සෙ පපුවට ගියා.
ජන්ග්කුක් එයාගෙ උඩ ඇඳුම ගලවන විදිහ මතක් වුනු ටේහ්‍යුන්ගේ මූන රතු පාට වුනා. අනවබෝධයෙන් එයා ජන්ග්කුක්ගෙ තද පපුව දිහා බලන් හිටියා. එයා එයාගෙ මෝහනයෙන් මිදුනේ ජන්ග්කුක් එයාගෙ අත පරිස්සමින් අරන් එයාගෙ පපුව උඩින් තිබ්බම.
"මේ හැමදේම ඔයාගෙ මගෙ රැජිණ." ජන්ග්කුක් එයාට කිව්වේ උනුසුම්ව සිනා සෙමින්.
ටේහ්‍යුන්ට මතක් වුනා එයා පඩිපෙලෙන් පහළට වැටිලා එයාගෙ වළලුකර තදින් උලුක් වුනාම ඔහ් කොච්චර නම් මෘදුව ජන්ග්කුක් එයාව ඔසවගෙන ගිහින් ඇඳේ වැතිරුවද කියලා. කොච්චර නම් ලස්සනට ජන්ග්කුක් එයාගෙ කනට මිමිනුවද කියලා.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantastikයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...