"කිම් ජීසුන්, තමුන්ට මොනවද ඕනෙ?" ජන්ග්කුක් එයාගෙ කටහඬේ අධිකාරී බලයෙන් ඇහුවා. එයාට දුර්වල බවක් දැනුනත් එයා තවමත් නිරයේ රජු. ඊට පිළිතුරු වශයෙන් ජීසුන් හිනා වුනා.
"මං හිතන්නෑ ඔයා දන්නෙ නෑ කියලා." ඒ පිළිතුරට ජන්ග්කුක් නළල රැලි කරගත්තා. පූජනීය ගංගාව ආරක්ෂා කරමින් හිටපු රාක්ෂයින් හතළිහකට අධික සංඛ්යාවක් ජීසුන් මරා දමා තිබුනා. ඒ වගේම එයාට ඉදිරියට එන්න ඕන වුනත් ජන්ග්කුක් එයාව නැවැත්තුවා.
"නෑ, මං දන්නෑ." ජන්ග්කුක් කිව්වා.
"හොඳයි, මං ඔයාට කියන්න කැමතියි ජියොන් ජන්ග්කුක්.. මං මෙහෙ ආවෙ තමුන්ව මරලා මගෙ පුතා වෙනුවෙන් පළිගන්න." මූනෙ ඇදුනු නපුරු හිනාවක් සමඟ ජීසුන් කිව්වා. ප්රතිචාරයක් විදිහට ජන්ග්කුක් සමච්චලයෙන් හිනා වුනා.
"ඇත්තටමද ජීසුන්? මගේම තැනේදි තර්ජනය කරනවද?" ජන්ග්කුක් කිව්වා.
ඒත් ජීසුන්ගෙ මුහුණෙ තිබුනු වියරු, නපුරු හිනාව එයා පිළිතුරු දුන් විට කිසි විටෙකත් නැති වුනේ නෑ.
"මට සැකයි කවදාවත් තමුන්ට තමුන්වම ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද කියලා ජියොන්." එවිට ජන්ග්කුක්ගේ මුහුනේ ප්රකාශයන් අඳුරු වුනා.
"මම තමුන්ට අනතුරු අඟවනවා ජීසුන්. තමුන් අයිති තැනට යනවා. නැත්තන් කිසිම දෙයක් හොඳ වෙන්නෙ නැති වෙයි." තර්ජනාත්මක ස්වරයෙන් ජන්ග්කුක් කිව්වා.
"නැත්තන් මට එහෙ කම්මැලියි කියලා කිව්වොත් මොකද? මට මේ සිංහාසනයත් ඕනෙ." ජීසුන් ලැජ්ජාවකින් තොරව ආපහු කිව්වා.
"කවදාවත් මං ඉන්නකන් නම් නෙමෙයි." ගිගුරුව ජන්ග්කුක් එයාගෙ කඩුව කොපුවෙන් එළියට ගත්තා.
"එහෙනම් තමුන්ව ඉවරයක් කරන එක මට ගෞරවයක් වෙයි." කිව්ව ජීසුන් එයාගෙ මායා කඩුවත් ඇදලා අරන් පහර දෙන්න කියලා දුෂ්ඨ සුරදූතයන්ට සංඥා කලා. ගෙරෙව්ව ජන්ග්කුක්ගේ ඇඟේ රුධිරය කේන්තියෙන් ඉතිරුවා. එයාට එච්චර නිර්භීතකමක්!!!
"පහර දෙන්න!! කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා!! අන්තිමේදි අපි ඉවරයක් කරමු!!!" එයාගෙ රාක්ෂ සොල්දාදුවන්ට කිව්ව ජන්ග්කුක් එයාගෙ පියාපත් විහිදුවලා ඉහළට පියඹා ගියේ සුරදූත රජු සමඟ සටන් කරන්න.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...