"මගෙ පුතේ.." කිව්ව ජීසුන් ටේහ්‍යුන්ව බදාගත්තා. ටේහ්‍යුනුත් අඬමින් ආපස්සට එයාගෙ අප්පව බදාගත්තා.
"කොහොමද?.. මේ සේරම සිද්ද වුනේ? එතකොට කවද්ද?" එයා ඇහුවම වැළඳ ගැනීමෙන් ඈත් වුන ටේහ්‍යුන් සුරදූතයින්ගේ රජතුමාට රාත්‍රිය ගත කරන්න සූදානම් කරල තිබුනු කුටියේ ඇඳෙන් වාඩි වුනා.
"ම-මම දන්නෙ නෑ. මම උද්‍යානයේ ඇවිද ඇවිද හිටියේ. රාක්ෂයෝ දෙන්නෙක් ඇවිත් මාව අරගෙන ගියා. ආයිත් මං ඇස් අරින කොට මං හිටියේ.. හිටියෙ මේ නිරයේ." ටේහ්‍යුන් අවංකව පිළිතුරු දුන්නා.
"වද වෙන්න එපා මගෙ පුතේ, මං ඌව මරනවා." ජිසුන් කිව්වේ ඇත්ත ප්‍රකාශ කරමින්. ටේහ්‍යුන් මොකුත්ම නොකිය වාඩි වෙලා හිටියා.
"එයා.. එයා මොකක් හරි කලාද? මං කිව්වේ.. මංගල රාත්‍රියෙ.. ඔයා දන්නවනෙ." ජීසුන් ඇහුවත් එයා දැනටමත් දන්නවා එයාගෙ පුතාගෙ බෙල්ලෙ තියෙන සළකුණු වලින් තවත් නම් එයාගෙ පුතා පිරිසිදු කෙනෙක් නෙමේ කියලා. එයා ඒත් ඇහුවා. කෝපයට පත් ටේහ්‍යුන් තදින් හිස වැනුවා.
"එ-එයා.. එයා මාව ඇල්ලුවා. අප්පා එයා.. එ-එයා මාව දූෂණය කලා. එයා මට ඒ දේ කලා." ටේහ්‍යුන් කිව්වේ ඇඬීම නිසා ඉකි ගහමින්.
"වද වෙන්න එපා ටේහ්‍යුන්. මං දන්නවා ඌ ඒ දේ කලා කලා කියලා. මං ඒ පළිය ගන්නම්." කිව්ව ජීසුන් එයාට දුකක් දැනෙන්න උත්සාහ කලත්, නෑ එයාට දුකක් දැනුනෙ නෑ. එයාට ඕන වුනේ අනුකම්පාව ලබාගෙන කීර්තියක් ළඟා කරගන්න විතරයි. එතකොට එයාගෙ පුතාට පුලුවන් එයාට උදව් කරන්න.
"අ-අප්පා?" ටේහ්‍යුන් එයාගෙ අප්පට කතා කලා.
"ඔව්?" පිළිතුරු දුන්න ජීසුන් ටේහ්‍යුන් දිහා බැලුවා.
"එයා හැමවෙලේම කෙනෙක් ගැන කියනවා." ටේහ්‍යුන් කිව්වේ එයාට බලහත්කාරකම් කරන හැම මොහොතෙම ජන්ග්කුක් මුමුණන ගෑණු කෙනෙක් ගැන මතක් වෙලා.
"කවුරු ගැනද?" ජීසුන් ඇහුවා.
"මං දන්නෙ නෑ. එයා හැමවෙලේම කියනවා ඒ ගෑණු කෙනා විඳවපු විදිහටම මාත් විඳවන්න ඕනෙ කියලා. එයා කිව්වා මගේ වැරැද්ද ඔයාගෙ පුතා වෙච්ච එක කියලත්." කිව්ව ටේහ්‍යුන්ගේ ඇස් වලින් ආයිත් කඳුලු ගලාගෙන ගියා.
![](https://img.wattpad.com/cover/293048225-288-k655852.jpg)
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...