කිම් ටේහ්‍යුන් බැල්කනියේ හිටගෙන හිටියේ, කුරුල්ලන් එහා මෙහා පියාසර කරන අයුරු බලමින්. රාක්ෂ පැටවුන් සෙල්ලම් කරනවා. නිශ්ශබ්දතාවක් තිබුනත් සිහින් හිනා හඬවල් වගේම නොසැලකිලිමත් සිනහවන් යාන්තම් එයාට තාමත් ඇහුනා. එයාගෙ පියාපත් ගැන මතක් වුනු එයා දුකින් හුස්මක් හෙළුවා. ඔහ්, ඒවා කොච්චර නම් ලස්සනද? පිවිතුරු සුදු සහ දිලිසෙන නිල් පැහැයෙන් ඒවායෙ දාර ආවරණය වෙලා තිබුනා. එයාට ඒවා නැතුව පාලුවක් දැනුනා. නිදහසේ කැමති විදිහට අහසේ පියාසර කරනකොට දැනෙන හැඟීම එයාට ගොඩක් මතක් වුනා. ටේහ්‍යුන් එයාගෙ සිතුවිලි වල කොච්චර ගිලී හිටියද කිව්වොත්, කෙනෙක් කාමරේට ඇතුලු වෙනවාවත් එයාට දැනුනෙ නෑ. ඒ සවස් වරුව වගේම නැවත වතාවක් නිරය නිශ්ශබ්දතාවයෙන් ගිල්වමින් හිරු බැස යමින් තිබුනා.
"මං නැතුව පාලු දැනුනද මගෙ රැජිණ?" එයාට පිටුපසින් ගොරෝසු කටහඬක් ඇහුනා. නහර සහිත අත් දෙකක් එයාගෙ ඉන වටේ එතෙනවා එයාට දැනුනා.
"ඇයි ඔයා නිතරම හිතන්නෙ මට ඔයා නැතුව පාලුයි කියලා? කවදාවත් නෑ." පොඩි කේන්තියකින් ටේහ්‍යුන් කිව්වම එයාට පිටුපස ඉන්න යක්ෂයා හිනා වුනා.
"මගෙ බෝනික්කට ආකල්පත් තියෙනවා මට පේන්නෙ." කිව්ව එයා ටේහ්‍යුන්ගේ බෙල්ල පිටුපසට හාදු තියන්න පටන් ගත්තා. නිසැකවම ටේහ්‍යුන් දැඩි වෙලා බිඳ වැටීමේ අද්දර හිටියත් එයාගෙ අප්පගෙ වචන එයාගෙ කන්වල දෝංකාර දුන්නා.
"පුතා.. විරුද්ධ වෙන්න එපා. එයාට ඕන දෙයක් කරන්න දෙන්න. එයාගෙ විශ්වාසය දිනා ගන්න." ජන්ග්කුක් එයාගෙ සංසර්ග සළකුණ ලෙවකන විට පිවිතුරු වින්දනයේ හැඟීම් එයාව ගිල ගන්න කොට ටේහ්‍යුන් කෙඳිරිගෑවා.
"මොකද ඔයාට වෙලා තියෙන්නෙ? ඇයි ඔයා විරුද්ධ වෙලා මාව ඈතට තල්ලු කරන්නෙ නැත්තෙ?" ඇහුව ජන්ග්කුක් ටේහ්‍යුන්ව හරවලා එයාගෙ බෙල්ල ලෙව කමින් සිපගත්තා.
"මොකද මං දන්නවා ඒක වැඩක් නෑ කියලා." ජන්ග්කුක් ආයිත් ටේහ්‍යුන්ගෙ සළකුණ ලෙවකන්නත් උරන්නත් ගනිද්දි කටහඬ දිගටම පවත්වා ගැනීමට අපහසුවෙන් ටේහ්‍යුන් පිළිතුරු දුන්නා.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...