ඒ ඔක්තෝම්බර්. ඒ දෙන්නා මුන ගැහිලා දැනටමත් මාස හතරක් ගත වෙලා තිබුනා. ජන්ග්කුක් එයාගෙ ආදරණීය මේට්ව දකින්න පටන් ගත්තේ වසර 2000 කට පස්සෙ එයාගෙ වේදනාකාරී දුක් වේදනාවලින් පසුවයි. එයා තමන්ගෙ හැඟිම් පාපොච්චාරණය කරලා ටේහ්‍යුන්ට යෝජනා කරලා සම්පූර්ණ මාස දෙකක් ගත වෙලා. එතකොට ටේහ්‍යුන්? එයාට හිතුනෙ එයා දිව්‍යලෝකෙ ඉන්නවා කියලා. ඒ තරම් සැළකිලිමත් පෙම්වතෙක් ඉන්න එක, සීමාවකින් තොරව ආදරය එයාගෙන් ලැබෙන එක එයාගෙ හීනය වුනා. දෙවියන් වහන්සේ ජන්ග්කුක්ව එයාගෙ මේට් කරලා එයාගෙ ආශාව ඉටුකලා. ඒත් ජන්ග්කුක්ගේ ඇත්තම අනන්‍යතාවය ටේහ්‍යුන් දැනන් හිටියද? ජන්ග්කුක් එයාට කිව්වද එයා තමයි නිරයේ රජු කියලා? යක්ෂයා කියලා? එයා ටේහ්‍යුන්ට කිව්වද එයාගෙ කලින් ආත්මෙ එයා ටේහ්‍යුන්ට කරපු දෙවල්? උත්තරය තමයි නෑ. එයා කොයිවෙලේකවත් ඒක කිව්වෙ නෑ. ටේහ්‍යුන්ව බය කරන්නත්, එයාගෙන් පැනලා යන්න සලස්වන්නත් එයාට ඕන වුනේ නෑ.
* * * * * * *
අද හැලෝවීන් දවස. ළමයින් හැංගෙමින් බියවද්දමින් ගෙයින් ගෙට දුවමින් හිටියා. හැම දොරකම බියකරු, භයානක සැරසිලි තිබුනා. ටේහ්‍යුන් පපී කන් දෙකක් ඔලුවට සෙට් කරගෙන හිනා වුනේ ජන්ග්කුක්ගේ ප්‍රතිචාරය ගැන හිතමින්. මැසේජ් එකක් ඇවිත් කියලා දැක්ක එයා හිනා වුනා.
"මං තව විනාඩි 20 කින් එනවා පැටියෝ." මැසේජ් එකේ තිබුනා. හිනා වුනු එයා නැගිට්ටා. පපී කෙනෙක් වගේ ඇඳලා ජන්ග්කුක්ව surprise කරන්න ටේහ්‍යුන්ට ඕන වුනා. මොකද ජන්ග්කුක් හැමවෙලේම එයාව ඇමතුවේ පපී කියලා.
විනාඩි 20 කට පසු
දොරේ සීනුව නාද වුනා. හිනා වුනු ටේහ්‍යුන්ට දැනගන්න ඕන වුනා එයාගෙ ඇඳුම දැක්කට පස්සෙ ජන්ග්කුක්ගේ ප්‍රතිචාරය. පහළ තට්ටුවට දිව්ව එයා දොර ඇරියම එයාට ලැබුනේ බදා ගැනීමක්.
"හායි my love." දොර අරිනවත් එක්කම ජන්ග්කුක් එයාව බදාගත්තා. හිනාවෙමින්ම ටේහ්‍යුනුත් එයාව ආපස්සට බදා ගත්තා.
"හායි කුකී.." දෙන්නම බදාගැනීමෙන් ඈත් වුනාම ජන්ග්කුක් නළල රැළි කරගත්තේ ව්‍යාකූලව සිනාසෙමින්.
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...