1st Moon

127 24 2
                                    

"හඳ.. "
එයා හඳ දිහාවට හීනි ඇඟිල්ල දිග් කලේ පොඩි එකෙක් වගේ.

"ඔව්.. හඳ. ඉතින්.."

"ලස්සනයිනෙ... "

"හ්ම්. ඉතින් හඳ විතරද ලස්සන ? "

"ඔව් "

"එතකොට මම"

"ඔයා මගේ හඳනෙ මගෙ ජිනී.. "

"සාමාන්‍යයෙන් ගෑනු ලමයින්ට තමා හඳක් වගේ කියන්නෙ.. හරි නම් මමයි ඔයට හඳ කියන්න ඕනෙ "

"යා... මගෙ මූනෙ හඳේ වගේ වලවල් නෑ.. අනික ඉතින්.. ඔයාමනෙ කියන්නෙ ඔයා තමයි මගෙ හඳ කියලා.."

"එතකොට දැන් මගෙ මූනෙ වළවල් තියේද... "

"නෑ.. "

"පිස්සු කෙල්ල.."

එයා හිනාවෙවී මාව බදාගත්තා. අපි දෙන්නගෙ හිනාව ඇහෙන්න කවුරුත් වටේ පිටේ නොහිටිය එක ලොකූ නිදහසක් වුනා . නිදහසේ ආදරේ කලා අපි. ඒත් දැන් අපේ වෛරය ලෝකෙම දන්නවා.. ලෝකෙ කෙසේ වෙතත් රටම දන්නවා. ඒ මදැයි.

මන් අද කොච්චර ලොකු තැනක හිටියත් එයාලා දෙන්නව දකින වාරයක් වාරයක් ගානෙ මාව පිච්චෙනවා.

මම බල බලා හිටිය ටීවි එක ඕෆ් කලා. කඳුලු ටික හංඟන් මුකුත් නොවුණ ගානට වෙස්මූණක් දාන් දවස පටන් ගන්නෙ. හැමදාම මන් ඔය බණේ තමා. කවුරුත් හිතන් ඉන්න නපුරු දුශ්ට ගෑනිගෙ ඇතුලෙ හැංඟිලා අඬන කෙල්ලව කවුරුත් අඳුරන්නෑ. අඩුගානෙ එයාවත් අඳුරගත්තෙ නෑ.

මගෙ හඳ

එයා මගෙ හඳ ඒ ඉස්සර. දැන් එයා මගේ චූටි හඳ කුමාරි එක්ක වේදිකාවක් උඩ පෆෝම් කරනවා.. ලෝකයක් මට වෛර කරද්දි ඒ ලෝකයාම මගේ හඳටයි හඳ කුමාරිටයි මදි නොකියන්න ආදරේ දෙනවා. මන් තරම් ඒ ගැන සතුටු වෙන තව කෙනෙක් නැතුව ඇති. ඒ වුනත් කවුරුත් මාව දැක්කෙ ප්‍රසිද්ධ ගායක සොක්ජින්ව නැත්තන් 'මූන්' ව දරුවත් එක්කම අත ඇරලා දාලා ගිය ගෑණි විදියට .

සොක්ජින්... කිම්... සොක්..ජින්.. මගෙ ජිනී . මගේ හඳ . මන් එයාගෙ පෘථිවියලු. හ්ම් එයා තමා එහෙම කියන්නෙ. සමාවෙන්න . කිව්වෙ... එහෙමයි .

තවදුරටත් ඒක එහෙම නැතුව ඇති. ඒත් මගෙ හිත ඇතුලෙ තාමත් එයා මගේ හඳ

"මැඩම් හැමදේම ලෑස්තී යමුද..."

"ම්.... ? ජැක්සන්.. හරි යන්.. ශුවර්ද මීඩියා නෑ කියලා.."

"ඔව් මැඩම් . කවුරුත් නෑ එන්න.."

මන් ඇයි එච්චර බය වෙන්නෙ මිනිස්සු අහන ප්‍රශ්න වලට. මන් බය නෑ. මට එයාලට උත්තර දීලා එපා වෙලා. මට ඕනෙ නෑ කාටවත් උත්තර දෙන්න. ඇයි එහෙම කලේ ඇයි එහෙම වුනේ මොකක්ද වුනේ මේ දේවල් එයාලට කොහෙත්ම වැඩක් නැති වෙලත් අවුරුදු ගානක් තිස්සෙ මගෙන් ඔය ප්‍රශ්න අහන එක නතර වෙලා නෑ.

ඉතින්... මන් එහෙම දේවල් වලට උත්තර දෙන එක මඟ ඇරලා ගොඩක් කල්.

ඒත් අපාට්මන්ට් එකෙන් එලියට බැස්ස ගමන් දැක්ක දෙයින් ඇති වුණ කේන්තිය නිසා මට ජැක්සන්ව අස් කරලා දාන්නයි ඕනෙ වුණේ. ඒ වුනත් ඉන්න එකම විශ්වාසවන්ත සේවකයව නැති කරගන්න බැහැනෙ.

"සොරි මැඩම් ... මන් කලින් හැම දේම චෙක් කරා.. එවෙලෙ මෙ-"

මන් අතින් එයාට නවත්තගන්න කිව්වෙ දැන් නිදහසට කාරනා අහන්න මට උවමනාවක් නැති නිසා. මන් අකමැතිම දෙයක් තමා මිනිස්සු නිදහසට කාරණා කියන එක.

"සොරි මැඩම්..."

"සොරි කියන එක නවත්තලා මේ මිනිස්සුන්ව මෙතනින් යවනවා . මට එක එකාගෙ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නෑ... කැමරාස් අයින් කරගන්න කියන්න..."

"හ.. හරි මැඩම්.. "



රෙඩ් කාපට් එකේ ඉඳන් මන් හිත හිත ගියෙ මට එයාලව මූණට නම් හම්බවෙන්න එපා කියලා. මොන මෝඩ ප්‍රාර්ථනාවක්ද ඒක.

බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න මට මියුසික් අවෝඩ් සෙරමනි එකකට ඉන්වයිට් කරන්න සෙරමනි එකේ ඕගනයිසේශන් එකට හොඳ යටි අරමුණක් තියෙන්න ඇති කියන එක දැන දැනත් මේකට ආව එක මගෙ මෝඩ කම.

බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න මට මියුසික් අවෝඩ් සෙරමනි එකකට ඉන්වයිට් කරන්න සෙරමනි එකේ ඕගනයිසේශන් එකට හොඳ යටි අරමුණක් තියෙන්න ඇති කියන එක දැන දැනත් මේකට ආව එක මගෙ මෝඩ කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now