12th Moon

30 8 0
                                    

ඊයේ රෑටත් යේජින්ට හරිහමන් නින්දක් තිබුනෙ නෑ ආරෝ ගැන , ජින්ගැන කල්පනා කර කරම ඉඳලා. අද අදවසත් හොඳටම මහන්සියෙන් ගෙවිලා ගියාට පස්සෙ යේජින්ගෙ ඇඟට හොඳ නින්දක් ඕනෙ වුනා . එහෙම තියෙද්දියි හදිසියේම යේජින් රෑත් වැඩ කරන්න හිතාගත්තෙ.

කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක දිහා ඇස් ගෙඩි දෙක බෝලා කරන්  බලන් හිටියා මිසක් යේජින් වැඩක් කරන බවක් ජැක්සන්ට පෙනුනෙ නෑ.

"මැඩම්.. ඇත්තටම මොකක්ද කරන්නෙ. මිස්ටර් සොන්ග් එක්ක ඩිනර් එකට නොයා ඉන්න නිසා කරම බොරුවක් නෙවේ නේද මේක."

යේජින් ස්ක්‍රීන් එකට තිබ්බ ඇස්ගෙඩි දෙක ක්ශනිකයෙන් ජැක්සන් දිහාට හැරෙව්වෙ ජැක්සන්වත් බය කරගෙන.

"මන්.. නිකන් කිව්වෙ… "

"ජැක්සන්, ඔයා ඔතන කොච්චර වෙලා හිටගෙන ඉන්නද කල්පනාව. මේ වැඩේ අද ඉවර වෙන්නෑ. "

ඒ පාර ජැක්සන් ඔලුව වනලා ගිහින් වාඩි වුනේ ඇත්තටම යේජින් කරන්නෙ මොනාද හිතාගන්න බැරුව. මීට කලින් කවදාවත් යේජින් මෙහෙම මහ රෑ වෙනකන් ඉඳලා නෑ.

"ජැක්සන්!"

"ඔව් මැඩම්"

"බලලා එනවද ටේහියුන් ඇත්තටම වැඩද කියලා."

"ටේහියුන්? එයා ආවාද"

"මන් කිව්වෙ බලලා එන්න. "

ජැක්සන් ටේහියුන් ගෙ ඔෆිස් රූම් එක ඉස්සරහ හිටන් ඉන්නවා දැක්කාම ටේහියුන්ව උඩගියා. 

"ටේහියුන්ග්.. මැඩම් කිව්වා ඔයා ඇත්තටම වැඩද බලන්න කියලා. ඇයි ඔය විදියට බය වෙන්නෙ. "

"අ.. ආ.. මේ.. හොල්මන වගේ ඔහොම ආවාම මන් බයවෙන්නෙ නැද්ද . ඉන්න ඔයා කිව්වෙ … මැඩම් මොකද්ද… "

"ඔයාව මැඩම් මොකට තියාගෙන ඉන්නවද මන්දා ටේහියුන් . සමහරවිට සොක්ජින්ගෙ- "

"ජැක්සන් හියුන්ග්. ඒක ඔයාගෙ සීමාවට අදාල නෑ. මැඩම් තවම ගියේ නැද්ද? "

"නැහැ. අද එයා යන එකක් නෑ. "

ජැක්සන් ආපහු යේජින් ලගට ඇවිත් ටේහියුන් ගැන වාර්තා කලා.

YOUR MOON _ JIN_ [Completed ] Où les histoires vivent. Découvrez maintenant