ටේහියුන්ව මීටින් එකට යවන්න කියලා යේජින් තදින්ම කෑ ගැහැව්වට මේ වෙලාවෙ ටේහියුන්ව ගෙන්නගෙන ඕකට යවන්න තියෙන අවස්තාව බොහොම අඩුයි කියලා යේජින් දැනගෙන හිටියා. මිට්න් එකක් හේතුවක් නැතුව අන්තිම මොහොත අවලංගු කරලා ආයතනයෙ නම කැත කරගන්න යේජින්ට කොහෙත්ම උවමනාවක් නොතිබ්බ නිසා යේජින් ඔය කියන මීටින් එකට යන්න හිතාගත්තා.
යනගමනුත් ටේහියුන්ගෙ වැරදි සේරටම කන්දෙක පුරවගන්න වුණේ ජැක්සන්ට. හැබැයි ඉතින් බැනුම් අහන එකයි හොඳ අහන එකයි දෙකම ජැක්සන් සමානව අත්විඳලා තියෙන නිසා ඒක ලොකු අවුලක් වුනේ නෑ. ඒත්දැන් බැනුම් අහන්නෙ අනුන්ගෙ වැරදිවලටනෙ.
"ඕවා මට කියලා හරියවයැ. ටේහියුන්ව ගෙන්නගෙන එයාට බනින්නකො"
ජැක්සන්ට ඕක කියාගන්න ඕනෙවුනත් එච්චර එකක් කියන්න තියා හා හ්ම් කියන්නවත් හයියක් තිබුනෙ නෑ යේජින් ඉස්සරහා.
"මැඩම් අපි ආවා!"
ජැක්සන් වෙනදා වගෙ ඇවිල්ලා දොර අරිනකන් බලාගෙන ඉන්න් නැතුව යේජින් ජැක්සන්ට කලින්ම වාහනෙන් බැස්සා.
කම්පනි එකේ ආරක්ශක නිලධාරින් යේජින්ව දැක්ක ගමන් හැඳුනුම්පත් පරික්ශාවක් නැතුවම ඇතුලට යන්න ඉඩ දුන්න්නා.
ජැක්සන් යේජින් පස්සෙන්ම අදාළ කම්පනි එකේ ලොබි එකේ ඇවිදන් ගියා. යේජින් එකපාරට නැවතුන නිසා ජැක්සන් යේජින්ගෙ ඇගේ වැදී නොවැදී එහාට වුනා. යේජින් තමන්ගෙ පිටිපස්සෙ ඉන්න ජැක්සන්ගෙ මූණ දිහා බලන් හිටියෙ යමක් කියන්න හිතාගෙන.
"මැඩම්! "
"ඔයා මේ තැන නොදන්නවා නෙවේනෙ. සොක්ජින්ව මුණගැහෙන්න ඉඩකඩ සෑහෙන්න වැඩියි! තමුන් ආවෙ මගෙ බොඩිගාඩ් විදියට කියලා මතක තියාගෙන වැඩ කරනවා නම් මන් කැමතියි ජැක්සන්"
"මැඩම්!.. මන්, රාජකාරි වෙලාවෙ වෙන වෙන දේවල් ගැන හිතන්නෑ.. මැඩම් ඒක දන්නවනෙ"
"තමුන්ට සොක්ජින්වයි ආරෝවයි දැක්කාම රාජකාරිය අමතක වෙන විදිය මන් දැකලා තියෙනවා. ඒකයි කිව්වෙ."
යේජින් කියද්දි ජැක්සන්ගෙ කන් දෙකේ ඉඳන් පටන්ගෙන කම්මුල් දෙක රතු වෙන විදිය යේජින් හිනාව තද කරගෙන බලාගෙන හිටියා.
VOUS LISEZ
YOUR MOON _ JIN_ [Completed ]
Fanfictionමන් ඔයාගෙ හඳ වෙලා හිටියා. ඒත් ඒ ඉස්සර... දැන් ඒක වෙනස් වෙලා.ගොඩක් කල්.. හරියටම අපේ දූගෙ.. නෑ මගෙ දූගෙ වයස... මාව වත් දූවත් ඔයාට අයිති නෑ සෝ යේජින්.. ඒක මතක තියාගන්න.. -ජින් GirlxBoy Published date : 26 01 2022