20th Moon

11 4 5
                                    

Jin's pov

මන් නම්ජුන්ගෙන් ගුටිකාලා හිටියෙ උදේම. දැන් එයාම එයා තුවාල කරපුවට බෙහෙත් දානවා. 

"ඔයා දැන් මේ ලෝකෙ සිහියෙන් ඉන්නෙ කියලා මන් හිතනවා ජින්.."

"ඔව්.. රිදෙනවා ඕක හිමින් ගාන්න "

නම්ජුන් පුලුන් කෑල්ලක් තද කරලා මගෙ තොල උඩ තිබ්බා රිදෙන්නම.

"ආරෝ තාමත් ඔයාගෙ ඔම්මා ළඟ.. මොකද්ද එපාරට මේ නටන්න ගත්ත විගඩම ජින්.. "

"මන් දන්නෑ. මට හැමදේම එපාවෙලා තියෙන්නෙ. ආරෝව ගේන්න මන් ආයෙ බොන්නෙ නෑ "

"මන් ඔයාව විශ්වාස කරන්න ඕනෙද.. "

"ඔයා මගෙ කාර් එක කඩලා ඒක ස්ටාර්ට් වෙන්නෑනෙ ජුන්.. මන් කොහොමද ඉතින් යන්නෙ එලියට."

"ඊයෙ යේජින් ආවා."

නම්ජුන් කතාව වෙනස් කලා වුනාට ඒක වැදගත් මාතෘකාවක් වුනා.

"යේජින්. කොයිවෙලේද.. "

"ඔයා නිදියන් හිටියෙ. මට ලොකු ලොකු කතා ගොඩක් කියලා ගියා. ඔයා එයත් එක්ක කතා කරන්න ඕනෙ ජින්.. මන් දන්නවා මට මේක කියන්න අයිතියක් නෑ.. ඒත් අර ජැක්සන් දැන් එයා එක්ක නෑ.. යේජින්ට අනතුරක් වෙන්න පුලුවන් ඒනිසා. ඔයා ඒක ගැන හොයලා බලන්න ඕන්නැද්ද ජින්."

"මන් ඇයි?.. "

"එයාට වෙන කවුරුත් නැති නිසා.. ළඟඳිත් මොකද්ද එකක් වෙලා ටේ- "

මතක් කරද්දිම ටේහියුන් ආවා. ඒකත් කාගෙන්දෝ ඉල්ලගත්තු ස්පෝර්ට්ස් කා එකක.

"ටේ… කාගෙද ඒක. ඔයා අනුන්ගෙ වාහන ඉල්ලන් පියාඹනවා එහෙම නෙවේ.. "

මන් තරවටු කලාට එයා මන් කියන ඒව අහන්නෑ මන් දන්නවා.

"ඒක මගෙ."

"විහිලු කරන්නෙපා ටේ.. අදාල කෙනාට දීලා එනවාඕක.. මේ දැන්ම.. "

"හියුන්ග්.. ඔයා මෙතන වෙරි බස්සගෙන මට බයින්න එපා. මන් දැක්කනෙ පහුගිය ටිකෙ පිස්සෙක් වගේ හිටපු හැටි. "

ටේහියුන් එක්ක තර්ක කරන්න බැරි ඕකයි.

"ඒක යේජින් නුනා දුන්නෙ. එයාට පිස්සු… සල්ලි වලින් තමා එයා ආදරෙ පෙන්නන්නෙ.. ඔයයි නූනයි දෙන්නම මෝඩයි"

YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now