3rd moon

81 18 3
                                    

Seo yejin's pov

"කිම්... සොක්ජින්.. "

මන් ඇස් දෙකට දැක්ක අකුරු ටික මයික් එකට ලං වෙලා කිව්වෙ මාවාගත්ත බොරු හිනාවක් එක්ක. ඕඩියන්ස් එකේ මහ සද්දෙට ඇහුණ අත්පොළසන් මැද්දෙ එයා නැගිට්ටෙ අපේ චූටි දූවත් වඩාගෙනමයි. හරි, ඒ .. එයාගෙ චූටි දූ.. එයාගෙ මූණෙ තිබුණෙත් මවාගත්ත හිනාවක් කියන්න දැනන් හිටියෙ මායි එයයි විතරයි වෙන්නැති.

දූවත් අතින් අල්ලන් ස්ටේජ් එකේ පඩිපෙල ලගට ඇවිත් පඩිපෙල නැගගන්න උස නැති මගෙ , නෑ එයාගෙ දූව වඩාගෙන ස්ටේජ් එක උඩට නැග්ග එයා මගෙ ඉස්සරහට ආවෙ මූනෙ තිබ්බ බොරු හිනාවත් අතුරුදන් කරගෙන.

ඔයා මට වෛර කරනවා ඇති ජින්.

ස්ටේජ් එක උඩ සහයට ඉන්න ගෑනු ලමය මගෙ අතට ගෙනල්ලා දුන්න සම්මානෙ මන් ජින්ට දුන්නෙ මගෙ බොරු හිනාව ඒ විදියටම තියාගෙන . මට සතුටුයි.. සතුටට හිනා වෙන්න තිබුනා මන් ගෙදර ඉඳන් ටී වී එකෙන් බැලුවා නම් එයා සම්මාන ගන්න විදිය.

එයා එයාගෙ බිරිඳ, නෑ හිටපු බිරිඳගෙන් සම්මාන ගන්නවා. මොන විහිලුවක්ද ලෝකෙට.

"සුබ පැතුම්... මිස්ටර්.. සොක්ජින්.. "

"ස්තූතියි"

දුවව බිමින් තියලා එයා සම්මානෙ අතට ගත්තෙ හිනාවක්වත් නැතුව. ඒකත් නෙවේ හොඳම දේ.

"ඔම්මා... "

පොඩි එක්කෙනා මගෙ අතේ ඇඟිල්ලක එල්ලුනා. එයා මාව දන්නවා... එයාගෙ ඔම්මා බව. ඔයා ඒක කිව්වද ජින්.

ලෝකෙම දන්න දෙයක් ගැන කාව රවට්ටන්න අපි මෙහෙම රඟපානවද..

මට ඕනෙ වුනේ දූව හුරතල් කරන්න . මට ඕනෙ වුනේ එයාට හාද්දක් දෙන්න. මන් එයාගෙ උසට පාත් වුණේ එයාගෙ මූනවත් බලන්න හිතන්.

"ආරෝ.. එන්න.. "

ඉස්සරහින්ම තියන කැමරාවලට බොරු හිනාවක් දාපු ජින් දරුවව වඩාගත්තා. කැමරාවට හිනාවෙනව ඇර මටත් විකල්ප තිබුනෙ නෑ.

ආරෝවත් අතින් අල්ලන් එයා මයික් එකට ලංවෙලා වචන දෙක තුනක් කතා කලාට මන් දන්නවා එයා කලින් හිතාගෙන ආව කතාවෙන් බාගයක්වත් එතන නැතුව ඇති.

YOUR MOON _ JIN_ [Completed ] Dove le storie prendono vita. Scoprilo ora