6th moon

29 10 0
                                    

මන් දන්නවා එයාගෙ අවධානෙ ගන්න ඕනෙ විදිය. මන් හිතුවා වගේම එයාගෙ අවධානෙ මට ලැබුනා. නැහැ.. මගේ ඇඳුමට.

ජින් ආරෝව නම්ජුන් එක්ක යවලා මගෙ ලගට කිට්ටු වුනේ මාව තවත් සීතල වෙන්න ඇරලා.

"මොකද්ද තමුසෙගෙ ඔය ඇඳුම ! "

එයා මගෙන් අහද්දි මාත් දෙවෙනි නොවී එකට එක කිව්වා. මොකද.. මන් එයාගෙන් ඔයවගේ දෙයක් බලාපොරොත්තු වුනා. 

"ඔයාට වැඩක් නෑ මගෙ ඇඳුමෙන්.. අපි හස්බන් ඇන්ඩ් වයිෆ් නෙවේ දැන්"

"ඒක එහෙම වුනේ හොඳ වෙලාවට! නැත්තන් තමුන්ගෙ ඇඳුම නිසා මටත් ලැජ්ජ වෙන්න වෙනවා"

මාව පිච්චිලා යන්න තරම් කේන්තියක් ඇස්වල පුරවගෙන් මන් දිහා බලන් හිටපු එයා එහෙම කියලා යන්න හැදුවත් එතන හිටිය ස්ටාෆ් එක අපි දෙන්නවම නවත්තගෙන එකට තියලා ෆොටෝස් ගන්න පටන් ගත්තා.

"සොක්ජින් ශි.. යේජින් ශි.. දෙන්නම තව පොඩ්ඩක් ලගට වෙන්න. හිනාවෙන්න.. හාට් එකක් පෙන්නන්න.. "

ෆොටෝස් තුන හතරකට බොරුවට හිනාවක් මවාගෙන හිටියට පස්සෙ එයා යන්න ගියා ආරෝ පිටින් දාලා.

"සමාවෙන්න.. අරෝ තනියම. මන් යන්න ඕනේ.. "

යනකොට එයාගෙ කලිසම් සාක්කුවෙ තිබුන යතුරක් බිමට වැටුනා දැක්කම මන් ඒක ඇහිඳගත්තෙ එයාට දෙන්න වුනත් මන් කතා කලාම එයා ඇහෙන්නෑ වගේ දිව්වා.

"සොක්ජින්.. මේ-..කී එක.. "

මන් ගවුමත් උස්සගෙන එයාගෙ පස්සෙන් දුවන් යන්න හැදුවත් කොහෙන්දෝ ආව අතක් මාව අල්ලගත්තා.

"මැඩම්.. කොහේද දුවන්නෙ."

"ජැක්සන්.. සොක්ජින්ගෙන් මේක වැටුනා මන් ඒක- "

"ඕක මන් සොක්ජින් ශී ට දෙන්නම්. මැඩම් හෝල් එකට ගිහින් ඉඳගන්න.. "

ජැක්සන් මගෙ අතින් ඒ යතුර උදුරගත්තාම මට කේන්ති ගියෙ මට ජින්ව මුනගැහෙන්න හම්බවෙන්නෙ නැති නිසාද නැත්තන් නිකන්ද කියලා මන් දන්නෑ. කොහොමවුනත් මන් ජැක්සන්ට ඔලුව වනලා එකඟ වුනා.



Seokjin's pov 

එයා දන්නවා නම් මන් තමා එයාව මෙතනට ගෙන්නගත්තෙ කියලා. ආරෝගෙයි මගෙයි ඉස්සරහට එන්න එපා කියලා මගෙ කටින්ම එයාගෙ මූනටම කිව්වට පස්සෙත් ලැජ්ජ නැතුව එයාව මෙතනට ගෙන්න ගන්න සිද්ධවුනනෙ මට. 

YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now