15th moon

20 7 4
                                    

ජින් නිදාගන්න හිටපු විනාඩි පහත් ටේහියුන් නිසා නැතිවෙලා ගියා. ජින්ගෙ සහෝදරයා නෙවේ කවුරු ආවාත් ඇතුළට ගන්නෙ නැති තරම් තද ගාඩ්ලා කීපදෙනෙක් තමයි එළියෙ හිටියේ. ඉතින් ඒක බේරලා ටේහියුන්ගෙ කට වහන්න ජින්ට විනඩි පහකට වඩා වැයවුණා.

"එයාට එන්න දෙන්න. ඔය මගෙ සහෝදරයා! "

ටේහියුන් බොඩිගාඩ්ල්ස්ලගෙන් යන්තන් ලිහිල් වුන ගමන් කඩාගෙන බිඳගෙන චේන්ජින් රූම් එකට ඇතුල් වුනා ජින්වත් තල්ලු කරගෙන.

"ටේටේ- "

"හියුන්ග් ඔයා අර කලින් හිටිය බොඩිගාඩ්ස්ලා මාරු කලාද.. ඒ පාර ඊටවඩා අන්ත සෙට් එකක් හොයාගෙන!"

"කට වහගන්නවා. ඒ මේ ඉවෙන්ට් එකෙන් දාපු අය! දැන් ඔයා මොකටද මෙහෙ ආවෙ."

"ඔයා මට වැඩට යන්න එපා කිව්ව නිසා මට දැන් කරන්න වැඩක් නෑ. ආරෝ නිදිද "

"ඔව්! ඔයාට වැඩක් නැත්තන් ආරෝව ඇහැරවන්නකො. වෙලාව හරි දැන්. "

"මොකක්!  "

ටේහියුන් ආරෝගෙන් ගුටිකාගෙන ආරෝව ඇහැරවන විදිය ජින් නම්ජුන් එක්ක පැත්තකට වෙලා බලන් හිටියා. ඒත් නින්දෙන් අඬලා, පයින් ගහලා විකාරයක් කලාට ටේහියුන්ව හරියට අඳුරගත්තට පස්සෙ ආරෝ සන්සුන් වුනා. 

ජින් ටේහියුන්ට බැන්නා වුනාට ටේහියුන් ආව එක ගැන ජින් හිටියෙ පොඩ්ඩක් විතර සතුටෙන්. ටේහියුන් මොනවහරි කරලා ආරෝගෙ අඬන මූඩ් එක වෙනස් කරලා තිබුණා. හැබැයි ජින්ට සැකයි ටේහියුන් ආරෝව නළවගත්තෙ මොනවගෙ බුද්ධිමත් කතාවක් කියලද කියලා. ඒත් මේ ඒක හිතන වෙලාව නෙවේ නිසා ජින් අතෑරලා දැම්මා.

"එයාට මේකප් දාන්න ඕනෙනෑ..කොණ්ඩෙ විතරක් හදලා එවන්න.. "

ස්ටාෆ් එකෙන් ආරෝගෙ මූනට බ්‍රශ් එකක් දිග් කරද්දිම ජින් කිව්වා. ආරෝගෙ මූණෙ එක එක ජාති ගානවට ජින්ට ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් කරන්න දෙයක් නැතුවට මේකප් කරන්න ඉඩ දුන්නට සමහර වෙලාවට ජින්ගෙ ඉල්ලීමට මේකප් නැතුව වුනත් ආරෝ ස්ටේජ් එකට යනවා. කවුරුත් ඒකට මුකුත් කිව්වෙ නෑ.

"තත්පර හතලිස් හයයි! "

ආරෝ තවම එයාගෙ සපත්තු දානවා.ආරෝට ඒක තනියම දාගන්න ඕනෙ වෙලා.

YOUR MOON _ JIN_ [Completed ] Donde viven las historias. Descúbrelo ahora