7th moon

31 9 2
                                    

Jin's pov

ජීමින් එපා කියලා තියෙද්දි ඇවිල්ලා ලචීව අවුස්සපු එක ගැන මන් හිටියෙ ජීමින් එක්ක කේන්තියෙන්. නම්ජුන් ආරෝව අරන් ගියාට මන් දන්නවා දැන් එයාට ඔලුවෙන් හිටගත්තත් ආරෝගෙ ඇඬිල්ල නම් ජීමින් නැතුව නවත්තන්න වෙන්නෑ කියලා. ආරෝට එපා වෙනකන් ජීමින් එයාව ඔඩොක්කුවෙ තියන් කියෝ කියෝ හුරතල් කරනකන් ඔය ඇඬිල්ල නවතින්නෙම නෑ.

සෙරමනි එක පටන් ගත්තු ගමන් ආරෝ අඬන්න ගත්ත එකෙන් වුනෙ හැමෝගෙම අවධානය අපට ලැබුන එක. මන් වටේටම හැරි හැරි සමාවගත්තා. අහම්බෙන් ව්ගේ එයාවත් ම්ගෙ ඇස්වලට අහුවුනා. එයා ඉක්මනින් අහක බලාගත්තා. එයාගෙ කෙහෙල්මල් විකාර බාගෙට ඇඳපු ඇඳුම දැක්කාම මට කේන්ති යනවා. ඒනිසා මමත් එයා දිහා තවත් නොබලා හිටියා.

ජීමින් පෆෝම් කරන වෙලේ නම්ජුන් ආරෝව කොහොම බලාගත්තාද දන්නෑ. වෙනදට ජීමින් පෆෝම් කරන ඒවා හරිම ආසාවෙන් ආඩම්බරෙන්  බලන මන් අද නොඉවසිල්ලෙන් හිටියෙ ජීමින් පෆෝම් කරලා ඉවරවෙනකන්. තව ආටිස්ට්ලා කීපදෙනෙක්ට පස්සෙ ආරෝව ලෑස්ති කරගන්න ඕනෙ ස්ටේජ් එකට නගින්න. ගෙදරදි යේජින් එනවා නම් විතරයි සින්ග් කරන්නේ කියලා ඇඬුවට.. මෙතනදි ආරෝ යේජින්ව මතක් ක්ලෙවත් නෑ. මන් බොරුවට නම්ජුන් ඉස්සරහත් නෝන්ඩි වීගෙන යේජින්ව මේකට ගෙන්නලා මගෙම කේන්තිය මන්ම අවුස්සගත්තා විතරයි.

ටිකකින් ජීමින් ආරෝත් එක්ක ඇවිත් ආරෝගෙ සීට් එකෙන් වාඩි වුනා ආරෝව ඔඩොක්කුවෙ තියාගෙන.

"හියුන්ග්… මට සින්දුව වැරදුනා.. ඒක අවුල්ද.."

"එහෙම වුනාද.. "

"ඔව් යේජින් නූ- අහ් නෑ.. ඔයාට නෝට් වුන්නෑ කියන්නෙ ඒක එච්චර ලොකු අවුලක් නෙවේ හිහි.. "

ජීඉන් කියන්න ගිහින් ගිල්ල කතාව මට දැනගන්නම ඕනෙවුනා. මන් එයාගෙ කනට ලංවෙලා කතා කලේ හය්යෙන් බනින්න බැරිනිසා.

"මන් දන්නෙ නැතුව මොකක් හරි ගොං වැඩක් කරලා තිබිලා මට අහුවුනොත්… මන් බලාගන්නම්"

"මන් මොනවත් කලේ නෑ.. "

"මොකද්ද එහෙනම් කියන්න ගියෙ.. "

"ඒක.. මුකුත් නෑ.. "

එකපාරටම කට්ටිය අත්පුඩි ගහන්න ගත්තාම අපේ කතාව නැවතුනා. මොකටද කියලා දන්නෙ නැට්ජි වුනත් අපි දෙන්නම අත්පුඩි ගැහුවා.

YOUR MOON _ JIN_ [Completed ] Opowieści tętniące Åŧyciem. Odkryj je teraz