17th moon

14 5 1
                                    

Yejin's pov

මන් හොස්පිටල් බෙඩ් එකට වෙලා සොක්ජින් එනකම් බලාගෙන හිටියා. මොන හේතුවකට මන් එයා එනකම් බලන් හිටියද මන්දා, ඒත් සොක්ජින් වෙනුවට ආවෙ ජැක්සන්. ඩොක්ටර්ගෙ උපදෙස් ටික ජැක්සන් මට ආයෙම රිපීට් කරලා "දැන් ගෙදර යන්න පුලුවන්" කිව්වාම මට යන්න හිතුනෙ නෑ.

"මැඩම් කවුරුහරි එනකන්ද ඉන්නෙ"

"නෑ ඇයි.. යන්! "

මන් බෙඩ් එකෙන් බැහැලා හීල්ස් දෙක දාගත්තා.

.

.

.

.

වාහනෙ යනගමනුත් මන් උඩ බලාගෙන කල්පනා කර කර ගියා. 

"මැඩම් ඔයවිදියට කල්පනා කර කර ඉන්න ගියොත් ආයෙත් හොස්පිට්ල් එන්න වෙයි."

ජැක්සන්ගෙ කටහඬින් කල්පනාව බිඳගෙන මන් ඉස්සරහ මිරර් එකෙන් පේන ජැක්සන්ගෙ ඇස් දෙක දිහා බැලුවා. එයා මිරර් එකෙන් මගෙ දිහා බලන් ඉන්නවා කියලා දැකලා මන් එයාට දෙපාරකට වඩා බැන්නා පාර බලාගෙන ඩ්‍රයිව් කරන්න කියලා.

"මගේ මූණෙ පෙරහැරක් යනවද? "

"ඇ? නෑ මැඩම්. සමාවෙන්න."

ඉන් පස්සෙ නිකමටවත් එයා මගෙ දිහා බලනවා මන් දැක්කෙ නෑ.

"කොහෙද මේ යන්නෙ"

මන් ඇහුවෙ එයා වැරදි පාරට හරවපු නිසා.

"මැඩම්ගෙ ගෙදර… වෙන කොහේවත් යන්න තියෙනවද මැඩම්."

වාහනෙ බ්‍රේක් කරලා එයා පිටිපස්ස හැරිලා මගෙන් ඇහුවා.

"මේ දවස්වල ඔයාගෙ ඔලුව කොහේහරි වැදිලද ජැක්සන්. කම්පනි එකට යමු."

"ඒත්- "

"ඒත් මේත් නෙවේ කිව්ව දේ කරනවා."

මුකුත් නොකියා කෙලින්ම අපි කම්පනි එකට ආවා. වාහනෙ පාක් එකට දානකොට වෙනද වගෙ මගෙ වාහනෙ පාක් කරන්න තියෙන තැන ටේහියුන්ගෙ වාහනෙ දකින්න නොලැබුණ එකෙන් මට කවදාවත් නැතුව පාළු ගතියක් දැනුනා.

"ඔයා කාගෙන් අහලද එච්චර ඉඩ තියෙන පාක් එකක මගෙ වාහනෙ පාක් කරන තැනම පාක් කරන්නෙ කිම් ටේහියුන්"

YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now