18th moon

14 5 6
                                    

ටේහියුන් මන් එනකොටත් ආරෝව වඩාගෙන අවශ්‍ය කියල අවයව ටික වැහෙන්න කොහේදො තිබ්බ මගෙ ශර්ට් එකක් ආරෝගෙ ඇග වගේ ඔතලා තිබ්බා.

"ගහන්න ඕනෙ.. ඔයා දැන් චූටි බබෙක් නෙවේනෙ ඔහොම ඇඳුම් නැතුව ගේවටේ දුවන්න.. "

මන් ආරෝව ටේහියුන්ගෙන් උදුරගෙන කාමරේට උස්සන් ආවා. ඊළඟට ලොකුම කරදරේ ආරෝට ඇඳුමක් අන්දන එක. අපි කොච්චර කිව්වත් එයා අඳින්නෙ එයාට ඕනෙ එක. ඒක තැනට ගැලපුනත් නැතත්, එයාට ඕනෙ නම් ඕනෙම තමයි. 

ගේ දෙවනත් වෙන්න නම්ජුන්, ටේ මම තුන්දෙනාම යුද්ධයක් දින්නා වගේ ආරෝට ඇඳුමක් අන්දවලා ඉවර කරගත්තෙ ඇඳුම් දහයක් විතර ගලව ගලව දැම්මට පස්සෙ.

මන් විනාඩි දෙකෙන් තුනෙන් ලෑස්ති වුනෙ යන දිහාක පරක්කු වෙලා ගිහින් ලැජ්ජ වෙන්න බැරි නිසා. කොහොම වුනත් මට ඉක්මනට ලෑස්ති වෙන එක පුරුදුයි. වැඩිය හැඩ වැඩ වුනෙ නැතත් මන් ලස්සනයි කියලා මන් දැනන් හිටියා. බොරුවට ලස්සන වෙන්න අමුතුවෙන් කාලෙ කන්න ඕනෙ නෑනෙ. 

"ටේ! ඔය තෙත ඇඳුම් මාරු කරන් වැඩට යනවා දැන්! "

"වැඩට! ? අමතකද ඔයා මාව රස්සාවෙන් අස් කරගත්තා.. "

"ඒවුනාට ඔයාලැ මැඩම් ඔයාව අස් කලේ නෑනෙ! "

"හියුන්ග්.. මන් කොහොමද නූනාට මූණදෙන්නෙ. දැන් නම් ඔයා කිව්වට මන් යන්නෑ.. "

මන් ටේහියුන්ට වැඩට යන්නම කියලා සැර බැල්මක් දාලා ආරෝත් එක්ක වාහනේට නැග්ගා.

ආරෝ උදේ පාන්දර වාහනෙ යනගමන් හිතුවක්කාරකමට කෙහෙල් කිරි එකක් බිබී යද්දි මන් දැනගත්තා අද දවසම අවුල් යන බව. මන් පස්ස හැරිලා ආරෝට තරවටු කලා.

"ඔයාට ඔය කෙහෙල් කිරි බොන්න බෑනෙ ආරෝ උදේම... හැබැයි පස්සෙ බඩ රිදෙනවායි අරකයි මේකයි කියන්නෑ!! "

නම්ජුන් ඉස්සරහා මිරර් එකෙන් පස්සෙ සීට් එකේ උන්න ආරෝ දිහාබලලා ආයෙත්මන් දිහා බලලා පාර බලාගත්තා.

"ජුන් ඔයානේද ඔය මඟුල් කෙහෙල් කිරි ගෙනත් දුන්නෙ.. "

"ටේහියුන් ගේන්න ඇත්තෙ එයාට බොන්න. මන් දන්නෑ.. "

YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now