10th moon

38 8 0
                                    

"ජුනී…"

"මොකද.."

නම්ජුන් ආරෝගෙ ඔලුව අතගගා ඉන්නගමන් මගෙ ඇගට කඩන් පාත්වුනා.

"ඒයි. ඔයා මගෙ බොස් නෙවේ මට ඔහොම සැර දාන්න."

"හහ්.. සොක්ජින්.. තමන්ගෙ දරුවට අසනිපයක් වුනාමවත් මන් නැතුව වැඩක් කරගන්න බැහැ ඔයාට!.. ටේහියුන් නොහිටියා නම් ඔයා තනියම එන්නද.. ආ.. මන් කියලා තියනව ගෙදර එක මේඩ් කෙනෙක්වත් තියාගන්න කියලා.. අඩුමතරමෙ එක්කෙනෙක්.. එලියෙ මිනිස්සු පිරිලා ඔයා දන්නවද.. "

"වෙන්න ඇති. ඉතින් මන් මොනාද කරන්නෙ ඒකට! "

"ඔයා මෙතන කිසිම ආරක්ශාවක් නැතුව ඉන්නෙ ! ඔයාට මොනව වුනත් මට නම් කමන්නෑ. ආරෝ? "

"ඔයා කෝල්ස් ආන්සර් නොකල එකේ වරද මගෙ පිටට දාන්න එපා ජුන්.. "

අපි දෙන්නා ටිකවෙලාවක් රණ්ඩු වෙවී ඉද්දි ආරෝ ඇහැරිලා කෑඅගැහුවා සද්දෙ නවත්තන්න කියලා.

"මොකද්ද අනේ ඔයාලා දෙන්නා නිසා මට එපාවෙනවා.. අප්පා.. අන්කල් ජුනි…"

"සොරි . ආරෝ.. "

"ආරෝ.. සොරි.. ඔයා නිදාගන්න.. "

ආරෝට බය වෙලා අපි දෙන්නම කටවහගෙන මූනට මූන බලන් හිටියා.

"සෝයේජින් මෙහෙ ආවාද. මන් එයාව දැක්කා. අහ්.. මට මේවා අදාල නෑ. ඒත් ඔයයි ආරෝයි දෙන්නා මගේ වගකීම. ඔයා යේජින්ව ගෙන්නගත්තෙ මොකටද ජින්! "

නම්ජුන් ඇහුවෙ හිමීට වුනත් ඒ කටහඬේ තිබ්බෙ මාව බය කරන ටෝන් එකක්.

"ඉතින් එයා ඔම්මානෙ.. "

"මඟුල!.. මිනිස්සු කාක්කො වගේ අනුන්ගෙ කුනු අවුස්සන්නෙ. ඔයාලා දෙන්නටම හොඳ නෑ. ආරෝටත් හොඳ නෑ."

"ආයෙ යේජින්ව මුණගැහෙන එකක් නැහැ. "

"ඒ මොකද"

"ඒක අපේ වැඩක්! "

"හහ්… හරි ඉතින් . මන් නිකන්ම ඔයාගෙ මැනේජර් විතරයිනෙ."

"අය්යෝ….. නෑ අනේ.. ඉතින්.. හරි.. මන් දන්නවා ඔයා ආරෝට ආදරේ නිසයි ඔහොම කේන්ති ගන්නෙ. මන් දන්නවා ඔයා මටත් ආදරෙයිනෙ.. කෝ බලන්න මගෙ තූති ජුනි… කූතු කූතු.. "

YOUR MOON _ JIN_ [Completed ] Dove le storie prendono vita. Scoprilo ora