ඉස්සර මතක හරිම ලස්සනයි
කඳුලක් දැක්කෙවත් නෑ..
උඹ මගේ පපුවට තුරුල් උනාම
මං තදින් හුස්ම ගත්තෙවත් නෑ..
හිත රිදුනු තැන් නැත්තෙමත් නෑ..
හැබැයි අපි,හිනානොවුන දවසක්
තිබ්බෙවත් නෑ..
ඒත් දැන් ,
මට උඹත් නෑ..
උඹට මමත් නෑ..
අපිට අපිත් නෑ..
අඩුමගානෙ මට මමත් නෑ
විඳෝන මතක විතරයි,ජීවිතේ රහත් නෑ..