මතක සැමරුම්
බිඳුනු නටඹුන්වලට ගුලිවුණි
ගොඩක් ආදර පෙම්කතා
ගොඩගැසී පිරෙනවිට අතීතෙට
හඬයි ඇස්වල දොර ඉරාමිහිරියාවක මතක මංපෙත්
හිත් අස්සේ වෙවුලන නිසා
තනිව වුව සක්මන් කළෙමි මම
එදා ආගිය තැන් පුරාකෙහෙරැල්ලෙ නුඹෙ මුදු සුවඳ රැඳි
පැලැන්දූ රොබරෝසියා
ඉකිලමින් ප්‍රාණයම අයදියි
නුවර වැව ලඟ ගුලිවෙලාඑදා නුඹ හා සිනාසුණු
මේ වැවේ රළපෙල ගොළුවෙලා
ඇස්වලින් අහනවා වාගේ
ආයෙ නුඹ නැතිදෝ කියාගලනු නොහැකිව ඇස් කෙවෙනි අග
කඳුලු බිඳුවක් හිරවෙලා
මලානික ලෙස හිමින් කොඳුරයි
නුඹත් දැන් අන්සතු කියාඉරිතැලුම් කන පැරණි හදවත්
ගිණිය නොහැකිය මේ ලොවේ
අහිමි පෙමකට සින්න කළ හිත
යලිත් හරවනු හැකි නොවේ !!