උණ වටුනේ වෙරල කොණේ
පපුව පැලී දෙපළු වෙන්න
සඟවා සිටි ආදරයක්
කැපිල තිබෙයි කෑලි වෙන්නඇටකටු උඩ බැඳිල තිබ්බ
මුහුදු පාසි උගුල ගන්න
දකින්න බැරි නම් ඒ දෙස
දෑස් ඔබේ සඟව ගන්නනොමල ප්‍රේමයක නාමෙන්
ගැහෙන හදක හුස්ම බින්ඳු
පණ ඇද ඇද නුඹ සෙව්වා
ලිහිණි තටුව මත්තෙ ඉඳන්දේදුන්නක පාට අරන්
නුඹ වෙසෙද්දි ඇයත් එක්ක
ඇටකටු ටික දැවිලා ගියා
රතු ගිනිදැල් ගොඩක් මැදින්දැවුණු ප්‍රේමයේ ඇටකටු
ලිහිණි තටුව උඩ තබන්න
මළ හිරු බසිනා හවසක
ඇයත් එක්ක නික්ම යන්න ....