හමුවීම සහ වෙන්වීම

101 18 9
                                    

මලට පාටක් කවුරු දුන්නද
නටුව කිසිදා නොදැන ඉන්නැති
සුවඳ කෙලෙසක ලැබුනෙ මලකට
නොදැන බඹරුන් රොන් ගන්න ඇති ..

පෙමක් සිතකට කෙලෙස ගැලුවද
කිසි හදවතක් නොදැන ඉන්නැති
පෝය දවසට අහස ලස්සන
සඳ නිසා බැව් නොදැන ඉන්නැති ..

ගලන ගඟකට හැඩය දුන්නේ
ඉවුර බව ගඟ නොදැන ඉන්නැති
ඇසට කඳුලක් කෙසේ ඉනුවද
කඳුල මිස ඇය නොදැන ඉන්නැති ..

වෙන්ව යන බව ඔබේ සිත මිස
වෙන හදවතක් නොදැන ඉන්නැති
හමුවුනොත් වෙන්වීම නියතයි
සෑම පෙමකම ලියැවිලා ඇති ..

අහේතුක චෝදනා Dove le storie prendono vita. Scoprilo ora