සිහගිරි අප්සරාවුනි ,

126 24 10
                                    

සීගිරි ගලේ සිතුවම් කර නුඹෙ රූප
තනි මංසලේ විඳිඳ්දි හිඳ දුර ඈත
කැටපත් පවුරෙ ඔබ කටු ගෑ කවි ගීත
සුළගේ ගසා විසිරී යයි ළගපාත ..

ළගා වෙන්න බැරි ඈතක නුඹ පිපිලා
දෙඹරු ඉන්න පවුරු කොනේ මඟ රැදිලා
ළගට ගියේ බලා එන්න රුව දැකලා
එවිට දුටුවෙ සිහිනයක්ව නුඹ මැවිලා ..

නෙළුම් මලක් දෝත දරන් නුඹ කීවා
තවත් නෙළුම් සීගිරියේ ඇතිය කියා
හිතේ ඇදුනු එකම නෙළුම පුබුදු වලා
නටුව හැඬුව ගල් බැම්මේ සැගවීලා ...

සිංහ කටේ දත් තුඩු උඩ සැතපීලා
පන අදිද්දි හෙමින් සැරේ ළය පුපුරා
නුඹ සිටියා නිසොල්මනේ සැගවීලා
සුසුම් නැගෙයි දිය අගලෙන් මෙපිට ගලා ..

අහේතුක චෝදනා Tempat cerita menjadi hidup. Temukan sekarang