රාගසූත්‍ර

197 15 2
                                    

අරලියා මල් පෙත්තක තැවරූ
පිණි බිඳක් සේ
ආදරය යැයි මෙයැයි
මම ලියමි .

අරලියා මල් පෙත්තක තැවරූ
පිණි බිඳක් සේ
ආදරය අවිනිශ්චිතයි
ඔබ ලියයි.

අවිනිශ්චිත භාවයේ
ප්‍රේමානිශංසය
සුන්දරය යැයි
මම ලියමි .

අවිනිශ්චිත භාවයේ
ප්‍රේමානිශංසය
මතක පාරන බව
ඔබ ලියයි .

ප්‍රේමානිශංසය
කෙසේ වුවද
මා නුඹට පේවුනු බව
මම ලියමි .

ප්‍රේමානිශංසය
කෙසේ වුවද
ආලය නුවුමනා බව
ඔබ ලියයි .

සංවාසයේ සංවාදය
හුදු රතිය පමණක් නොව
ප්‍රේමයද තිබිය යුතු බව
මම ලියමි .

අනිච්චාවත සංඛාරා !
අනතුරුව ඔබ ලියයි .

අහේතුක චෝදනා Where stories live. Discover now