හදිසියේ මල ඇය

106 14 10
                                    

#හදිසියේ_මියගිය_අම්මාගේ_සිරුර_හඳුනාගැනීමට_ගොස්

දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස්
තිබුණා බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල් වල
විලුඹ තිබුණා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ
තාත්තගේ බඩ පාගලා
පෙරලිලයි ගෙයි බිත්ති පළුවක්
කකුල තිබ්බේ කොරවෙලා ...

අන්න අර දුර පේන කන්දට
ටිකක් එහයින් තියෙන බැද්දේ
හේන් කොට කොට කුරක්කන් මුං
එක්ක නිතරම මාර යුද්ධේ
දෙයියොවත් නෑ දන්නේ හරියට
ඉන්නවානම් දෙවොලෙ කන්දේ
කැලේ විසකටු නිතර ඒකයි
දනිහ පල්ලැහැ රටා ඇන්දේ ...

හැතැප්මක් දුර වතුර කලයක්
කරෙන් අරගෙන ඇවිල්ලා
උරිස්සෙන් හිරි වැටෙන ගතියක්
තිබුණා නිතරම වෙවුලලා
බැරි උනත් පොඩි ඉඩක් තිබුණත්
තාත්තගේ ලඟ වැතිරිලා
ඉන්න මානං පඳුරු සේරම
එයා දැම්මා ගලවලා ...

ගල් වලේ වැඩ කරපු දවසට
කැඩුණ සුළැඟිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්
මඟදි අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවානම්
මහත්තයෝ ඔය නිදා ඉන්නේ
මගේ අම්මම තමයි එහෙනම් ...

ජනිත් විතාරණ

මේක ලිව්වේ මම නන් නෙමෙයි . අහම්බෙන් හම්බුන ලස්සන කවියක් නිසයි දැම්මේ . ඉතින් ඔයාලට මොකද හිතුනේ මේක කියෙව්වහම ...

අහේතුක චෝදනා Where stories live. Discover now