ඔයා හොඳින් ද?"
තමන් ලඟට ආවෙ කවුද කියලා බලන්න ජන්කුක් ඔලුව උස්සලා බැලුවා.
මේ වෙනකොට තමන්ට මුහුණ දෙන්න උනු පිස්සු විකාර ගැන කල්පනා කරලාම Jung kookගෙ ඔලුව පැලෙන්න වගේ ආව එක බොහොම සාමාන්‍ය දෙයක්..
මුලින්ම තමන්ට තටු දෙකක් ආවා. ඊට පස්සෙ අහසෙ පාවෙන්න පුලුවන් මිනිස්සු දෙන්නෙක්ව හම්බුනා. ඊට පස්සෙ අමුතු තාලෙ camp එකකට පියාඹගෙන ආවා. දැන් තමන්ගෙ අම්මයි තාත්තයි කුරුල්ලො දෙන්නෙක් ලු.
මේ වෙනකොට Jung kookගෙ තටු අකුලා ගන්න හැටි ඒ කියන්නෙ අර්ධ පක්ෂී ආත්මයෙන් මිදිලා සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වෙන හැටි බේ කියලා දීලා ඉවරයි.
ඒක එච්චර අමාරු උනේ නෑ. තටු එනවා වගේ වේදනාවක් දැනෙන්නෙත් නෑ. කරන්න තියෙන්නෙ හිත එකඟ කරගෙන මනුෂ්‍යයෙක් බවට පත් වෙන එක ගැන හිතන්න.
බොහොම සරලයි.
එක අතකින් එහෙම ස්වරූපය මාරු කරගන්න පුලුවන් උන් එක හොඳයි. නැත්නම් ලීසා ජන්කුක් ව හුරතලේට ඇති කරන්න ගන්න ඉඩ තියනවා...
ලීසා!!!
එයාට තමන් නැතිව මොනවා වෙයිද!!
"ඔයා සුදුමැලි වෙලා"
යුන්ගී තමන්ගෙ මූණට අමාරුවෙන් එබිලා ඉන්නවා Jung kook දැක්කා.
"මම හොඳින්"
ඔහු අද දවසට 100වෙනි වතාවටත් බොරුවක් කිව්වා.
හිස සලපු යුන්ගී Jung kook ළඟින් වාඩි උනා.
"ඔයාටත් පියාඹන්න පුලුවන්ද?"
Jung kook අහපු කතාවට යුන්ගීට හිනා ගියාඒකට හිනාවෙන්න පුලුවන්යෑ.
"මෙතන ඉන්න හැමෝටම පියාඹන්න බෑ. මෙතන ඉන්න හැමොම වගේ අර්ධ මිනිස් ආත්ම. මිශ්‍ර ලේ තියෙන අය"
"එතකොට එදා පියෑඹුවේ?"
"මට වතුර පාලනය කරන්න පුලුවන්" යුන්ගී කෙඳිරුවා
"එතකොට ඔයාගෙ ලේ කාත් එක්කද මාරු උනේ"
Jung kook කුතුහලයෙන් ඇසුවා."මම දිය කිඳුරෙක්" යුන්ගී කිව්වෙ ජන්කුක් ට එදිනෙදා ජීවිතෙ හැමදාම දියකිදුරො හම්බෙනවා වගේ...
YOU ARE READING
The curse | TK ✓
Fantasyඅවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක් . ප්‍රේමය , යුද්ධ , වේදනාව සමග කැටි වූ නිමා නොවූ ආත්මීය ප්‍රේම වෘතාන්තයෙ නැවත ඇමතුම කෙසේ වේද?